tag:blogger.com,1999:blog-41821112062755002982024-03-13T09:43:02.535-07:00Scientific Sri Lankan (විද්‍යාත්මක ශ්‍රීලාංකිකයා)අවිද්‍යාවේ කලු වලාවක් දසත පැතිරෙන හෙයින් විද්‍යාවේ සැබෑ තතු ඔබට කියාදෙන්නට - Telling true story of scienceEditorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4182111206275500298.post-58912491354018291122016-02-15T00:02:00.002-08:002016-02-15T00:02:42.927-08:00LIGO ගුරුත්ව තරංග නිරීක්ෂණය කල හැටි

ගුරුත්ව තරංග පිලිබද ලියු ලිපිය මොරටුවෙ හිටපු ශ්‍රේෂඨ මහාචාර්ය වරයකුගේ ඇගයීමකටත් ලක්වුන නිසා පහුවෙලා ලියන්න හිතාගෙන හිටපු ලිපියක් දැන්ම ලියනවා. ඒවගේම එතුමා අවකාශ කාලය කියන සංකල්පයත් විස්තර කරන ලෙසත් දන්වලා තිබුනා.

අන්තර්ෆෙරෝමීටර ලේසර් භාවිතයෙන් ගුරුත්ව තරංග විශ්ලේශනය කරන මධ්‍යස්ථානයෙන් (LIGO Scientific Collaboration)

LIGO එක පිලිබද මුලින්ම දැක්ක වෙලාවේ උඩින් පල්ලෙන් බලලා යන්න තමයි හිතුනේ. ඒත් මම හිතුවා එක පොඩ්ඩක් සිහියෙන් කියවලා බලන්න ඔන කියන එක. එතකොට තමයි මට තේරුනේ කොච්චර කදිම අදහසක්ද ඔවුන් මේ ක්‍රියාවට නගලා තියෙන්නේ කියලා. හැබැයි අදහස කදිම උනාට ඉදිකිරීම නම් ලේසි වෙලා නැහැ. මේතාක් ඇමරිකානු ජාතික විද්‍යා පදනමේ (NSF) ලොකුම වියදම ගිය ව්‍යාපෘතිය තමයි මේක. වියදම විතරක් $ මිලියන 600 කට වැඩී.

ගුරුත්ව තරංග LIGO එක හරහා නොයන විට LIGO හි පරිසරයේ අවකාශය හෝ කාලයට කිසිදු බලපෑමක් සිදු වෙන්නේ නෑ

කිලො මීටර හතර බැගින් දිග අධි රික්ත ටනල් දෙකක ලේසර් කිරණ යවලා තමයි මේ ගොල්ලෝ ඔය කියන වැඩේ කරලා තියෙන්නේ. සමමිතිකව එලා ඇති මේ නල දෙක තුලට බීම් කණ්ඩනය කරන එකකයක් (beam splitter) මගින් දෙකට බෙදන ලද ලේසර් ධාරා ඇතුල් කරනු ලබන අතර ඒතුල ඇති කන්නාඩි මගින් 75 වතාවක් පමණ ප්‍රතිවර්ථනය කිරීම මගින් මෙම ලේසර් ඒතුල ගමන් කරන දුර ප්‍රමාණය අතිවිශාල වශයෙන් වැඩි කර තිබෙනවා. එම අති විශාල දුර ගමන් කරන ලේසර් ධාරා නැවත පිටතට ගෙන ග්‍රාහකයක් මගින් ලබාගෙන පරීක්ශා කර බලනවා. නිශ්චල අවකාශ කාල රාමුවක අපි ඉන්නා විට දෙකට බෙදුන ලේසර් එකම දුරක් ගමන් කොට එකම කාලයකදී ග්‍රාහකය මත පතිත වෙනවා. ගුරුත්ව තරංග LIGO එක හරහා නොයන විට LIGO හි පරිසරයේ අවකාශය හෝ කාලයට කිසිදු බලපෑමක් සිදු වෙන්නේ නෑ.එමනිසා කිසිදු වෙනසකට ලක් නොවේ ලේසර් ග්‍රාහකය වෙත පැමිනෙනවා.

ගුරුත්ව තරංග මේ හරහා යන විට හි අවකාශයේ විරූපිතා හටගන්නවා.

නමුත් තාරකා පිපිරීමක් හෝ කලු කුහර එක්වීමක් (මේ පුවත් මවන සිදුවීම එබදු එක් වීමකින් නිකුත් වූ එකක්) වැනි දැවැන්ත ස්කන්ධ වල වෙනසක් නිසා ඇතිවෙන ගුරුත්ව තරංග LIGO හරහා යන විට හි අවකාශයේ විරූපිතා හටගන්නවා. එවිට මොකද වෙන්නේ ලේසර් වල වේගය නල දෙකේම සමාන වෙන්නේ නෑ. එකක වැඩි වෙන්න පුලුවන් තව එකකට වඩා. මේ වෙනස ග්රාහකයට අදුන ගන්න පුලුවන්. මේක ඉතාම අපහසු කටයුත්තක් මොකද මේ ලේසර් වල වෙනස් කම් බොහෝ සාධක නිසා වෙන්නත් පුලුවන් නිසා. ඒ හින්දා තමයි පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් හදුනා ගත් සිග්නල් නිලවශයෙන් තහවුරු කරන්න මේ අවුරුද්දේ පෙබරවාරි වෙන කම් කල්ගත වෙන්න ඇත්තේ.මේක සිදුවන හැටි පහත පැහැදිලි කිරීම මගින් වඩාත් තහවුරු කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.

අවකාශ කාලය , එහි අභිරූපීතා ඇතිවන අයුරු හා ගුරුත්ව තරංග

උදාහරණය

මේ උදාහරණයේ ඉන්න රතු කූබිච්චි කලු කූබියා එනකල් බලා ගෙන ඉන්නවා. මේක ගොඩාක් කාලයක් තිස්සේ වෙන වැඩක්. කලු කූබියා හැම දාම හරියට වෙලාවට කූබිච්චි ලගට එනවා. පොඩ්ඩක් පරක්කු වුනොත් වෙන දේවල් ඉතින් කට්ටියට අමුතුවෙන් කියන්න ඔන නෑනේ. ඔන්න අපේ උදාහරණයේ පලවෙනි දවසෙත් වෙනදා වගේම කලු කූබියා ආවා. හැමදේම වෙනදා වගේම සිද්ධ උනා. නමුත් දෙවන දවසේ එන මග අධික ස්කන්ධයක් නිසා විරූපි වෙලා. පල්ලම බැහැලා එනකොට වෙනදාට වඩා මග දුරයි. කලු කූබියා එන කොට හොදටම පරක්කුයි. කූබිච්චි බලා ගෙන බලා ගෙන ඉදලා වෙනදට වඩා පරක්කු නිසා තරහ වෙලා ගිහින්.

ස්කන්ධයන් නිසා වෙන අවකාශයේ වක්රතාත් මේවගේ. අධික ස්කන්ධයන් , ඒකියන්නේ සුපිරි තාරකා වගේ ඒවා ඇතිවෙන වක්රතාත් අති විශාලයි. වෙනදා ආලොකය කෙටි මගකින් ආවා නම් මෙම වක්‍රතා නිසා එන්නට තියෙන දුර වැඩි වෙලා පමාවෙනවා. හරියට කලු කූබියාට උනා වගේ. නමුත් අපි බලන්නේ සාපෙක්ශව නිසා අපිට වැඩි කාලයක් යනවා වගේ දැනෙනවා. හරියට කූබිච්චිට උනා වගේ. ඒත් අපි ආලෝකයත් සමග ගමන් කලා නම් අපිට කාලයේ කිසිදු වෙනසක් පේන්නේ නෑ. ඉහත් උදාහරනයේ කූබිච්චි කූබියා සමග එකට ආවා නම් කූබියා වෙනදා වගේම ආබව ඇය දැන ගන්නවා. අපිත් මේ සිද්ධිය සාපෙක්ශව බලන විට අපිට අවකාශ කාලයේ වෙනසක් දැනෙනවා. අවකාශය විරූප වෙලා කාලය දැනෙන විදිහ වෙනස් වෙලා. අධික ස්කන්ධ නිසා අවකාශ කාලය අපිට දැනෙන විදිහට වෙනස් වෙන්නේ මෙහෙමයි.

ගුරුත්ව තරංග කියලා කියන්නේ මේවගේ අධික ස්කන්ධයන් වල සිදුවන හදිසි වෙනස් කම් නිසා මේ විරුපිතා විශ්වය දිගේ තරංගයක් ලෙස පැතිරීමයි. හරිය ජලතටාකයක ගිල්වලා තියෙන බොලයක් චලනය කලොත් එහි කම්පන තරංගයක් ලෙස යනවා වගේ. ඉතින් මේ තරංග LIGO එක හරහා යන කොට, එහි ලේසර් වලට යන්නට තිබෙන දුර වැඩි වී ග්‍රාහකය මත ඒ බව සටහන් කරනවා.

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com0tag:blogger.com,1999:blog-4182111206275500298.post-30257455275054006742016-02-12T22:42:00.003-08:002016-02-12T22:43:38.272-08:00ගුරුත්ව තරංග - හැකිතාක් සරලව සිංහලෙන්

පෙබරවාරි 11 රාත්‍රියේ ලොව බොහෝමයක් දෙනා බලාසිටි නිවේදනයක්
අන්තර්ෆෙරෝමීටර ලේසර් භාවිතයෙන් ගුරුත්ව තරංග විශ්ලේශනය කරන මධ්‍යස්ථානයෙන්
(LIGO Scientific Collaboration)
නිකුත් විනි. සමාජ ජාල වල අරුම් කොතරම් දැයි පහදමින් ලොව පුරාම මෙම
පණිවිඩය ගලා ගියේ මීට වසර සියයකට පමණ පෙර ගුරුත්ව තරංග පිලිබද පලමු
සිද්ධාන්ත පසුබිම හෙලු ඇල්බට් අයිස්ටන් විද්වතා කෙරෙහි ලොව ඇති ආදරය තවත්
දෙගුණ තෙගුණ කරමිනි. අපේ රටේ නම් බහුලව දකින්නට නැති ජයග්‍රහණය සාමූහිකව
බෙදාගැනීමේ පරම පිවිතුරු හැගීම පෙන්වමින් මධ්‍යස්ථාන ප්‍රධානී එය ලොවට කීවේ
"අපි එය කලා" (Yes, We did it) යනුවෙනි.

වැඩිපුර අටුවා ටීකා නොමැතිව අපි ගුරුත්ව තරංග පැහැදිලි කරගන්නට
වෙහෙසෙමු. අයින්ටයින් ගේ සාමාන්‍ය සාපේකශතාවාදය ඔස්සේ පැනනගුන මේ සංකල්පය
ගොඩාක් අය තේරුම් නොගන්නේ මෙය ඉතා බලපතල අතිශය බුද්ධිමතුන්ට පමණක් තේරුම්
යන්නක් ලෙස අප චිත්තාපරව (preoccupied) සිටින නිසාවෙනි.

මෙය සරලව තේරුම් ගන්නට අපි උදාහරණයක් ඔස්සේ යමු. අපි මෙට්ටයක් මත
සිටින පුංචි කූබියන් පිරිසක් යැයි සිතන්න. අප ශතවර්ශ ගණනක් එම මෙට්ටය මත
පුංචි ප්‍රදේශයක ආහාර හා කුඩා ප්‍රමාණයේ ද්‍රව්‍ය සමග දිවි ගෙවු අතර එක්
ගවේශණාත්මක කූබියෙක් එම ප්‍රදේශය ඔබ්බෙන් ඇති ප්‍රදේශ වෙත ඇවිද ගියා යැයි
සිතන්න. මේ ගිය කූඹියාට හමුවුයේ කුමක්ද? අති විශාල යගුලියක්. මෙට්ටය මත
තිබෙන. ඔක්කොම කූඹි එතෙන්න දිවගියා. දෙය්යනේ මෙන්න බොලේ මෙට්ටයේ පැතලි බව
විරූපී වෙලා. හැම තැනම මෙට්ටට පැතලී නේ. මෙතන තිබෙන මෙට්ට තලය කොහොමද
නැමුනේ. ඔන්න එක දක්ශ කුඹියෙක් පැහැදිලි කරනවා, මේ යගුලියේ ඇති අති දැවැන්ත
ස්කන්ධය නිසාවෙන් මෙට්ටය විරූපී ඇති බව. ඒ කූඹියා තමයි අයින්ස්ටයින්.

අපි
අවකාශ කාලය තලයක් සේ සිතා සිටියෙමු. ආලොකය හා වෙනත් තරංග සරල රේකීයව ගමන්
කරන බව සිතා සිටියෙමු. ඒ අප අපගේ සීමාවේ ගුලිව සිටින තෙක් පමණි. අපි අතර
සිටි ගවේශණාත්මක මිනිසුන් හා රටවල් අප සීමා ඔබ්බවමින් ඉදිරියට යන්නට විය.
ඔවුන්ට සිපිරි තාරකා හා කලු කුහර හමුවිය. මගේ උදාහරණයේ නැමුණු මෙට්ට තලය ලග
කූඹින් අසරණ වූවා මෙන් අප ද මේ සොයා ගැනීම් ඉදිරියේ අසරණ විය. මේ අවස්ථාවේ
1905 දී හරි හමන් රැකියාවකද නොවුන , විශ්ව විද්‍යාලයක පදවියකදු නොවුන
අයින්ටයින් සිතිවිලි ඔස්සේ සොයාගත් සාමාන්‍ය සාපේක්ශතා වාදය පිහිටට ආවේය.
බොහෝ අමුතු සොයාගැනිම් එතුමාගේ පැහැදිලි කිරීම් ඔස්සේ අවබෝධ කරගත හැකිවිනි.
අති දැවැන්ත ස්කන්ධයන් හමුවේ අවකාශය හා කාලය විකෘති වෙන බව අපහට වටහා ගත
හැකිවිය.

අති දැවැන්ත ස්කන්ධයන් හමුවේ අවකාශය හා කාලය විකෘති වෙන බව

දැන් අපට අති දැවැන්ත ස්කන්ධ නිසා ඇතිවන අවකාශ කාලයේ වක්‍ර තාවය හොදින්
පැහැදිලිය. එසේ නම් ගුරුත්ව තරංග යනු කුමද? අපි සිතමු අර පෙර කියූ
කුහුඹුවන් ජල තටාකයක පාවෙමින් ඉන්නවා කියා. ඔවුන්ට ඉතා ඇතින් තිබෙන විශාල
වස්තුවක් ජල තලය මත කැලබෙන අවස්තවකදි එයින් හට ගන්නා කැලඹීම ටික වෙලාවකට
පසු කූබියන් අසලට පැමිනේ. ගුරුත්ව තරංග යනු එවැන්නකි. අති දැවැන්ත ස්කන්ධ
වල සිදුවන ගැටීමක් පිපුරුම්ක් එකතු වීමක් වැනි භෞතික් වෙනසක් නිසා අවකාශ
කාලයේ සිදුවන විරුපිය විශ්වය දිගේ ගලා යයි.

අවකාශ කාලයේ සිදුවන විරුපිය විශ්වය දිගේ ගලා යයි

පෙබරවාරි 11 වන දින ඔවුන් තහවුරු කලේ මීට මාස ගනනකට පෙර එනම් 2015
සැප්තැම්බර් 11 වන දින පලමුවරට මානවයෙකු විසින් මෙසේ විශ්වය තුල සැරිසරන
තරංගයක ග්‍රහණය කර ගැනීමයි. ඒ ග්‍රහණය කරගත් උපකරණයේ යාන්ත්‍රණය මම ඊලග
ලිපියෙන් ඔබට පහදන්නම්.

ගුරුත්ව තරංග මුලින්ම දුටු මාර්කො ඩ්රැගේ

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com0tag:blogger.com,1999:blog-4182111206275500298.post-4838219868454477872014-01-27T03:09:00.001-08:002014-01-27T03:09:06.734-08:00සක්විත්තෝ නිසා බිද වැටෙන ශ්‍රීලාංකික ආයෝජන පන්නරය

සක්විති රනසිංහගේ වන්චාව පිලිබද අටුවා ටීකා ඇවැසිනැත. ආයෝජිත මුදලට ආකර්ෂණීය පොලියක් දෙන්නට ඉදිරිපත් වී අසරණයන් (මුදල් තිබූපමණින් මිනිසුන් අසරණ නොවන්නේම නොවේ) දහස් ගණනක් අනාත කරදැමුවේය. එයටත් වඩා බයානක වංචාවක් තිස්ස ප්‍රදේශයේ වාර්තාවී ඇත. මේවා පිරමීඩ පිරමීඩ කියමින් මහ බැංකුව අත සෝදා ගත්තද මේවා පිරමීඩ නොවේ. මෙවා අවංකව කරනවානම් නියම ආයෝජන ක්‍රමවේද වලට සමාන වේ. වාර්තාවෙන අන්දමට තිස්ස සිදුවී ඇති වන්චාව පිරමීඩයක් නොවේ. ඔවුන් කර ඇත්තේ ඔබ මුදල් දැමූවිට ඔවුන් අන්තර්ජාල වෙලද දැන්වීම් වලට ආයෝජනය කොට මහජනයාට (මෙහිදී ආයෝජකයන් ලවාම ) බැලිමට සලස්වා ප්‍රතිලාබ ලබාදීමයි. මෙය පිරමීඩයක් නම් ගූගල් ද පිරමීඩයකි. යාහූද පිරමීඩයකි. නැත මෙහිදී සිදුවී ඇත්තේ නියම ව්‍යාපාරික මොඩලයක් වංචාවේ යේදීමයි. ප්‍රමුක බැන්කුව, සක්විති, සෙලින්කෝ ගොල්ඩන් කී ණය පත් සමාගම, තිස්ස වංචාව මේවා නියම සත්‍ය ආයෝජන ගණිකා වෘත්තියේ යෙදවීමක් පමණි. මේවායින් දිගටම බැට කෑ මිනිසුන් ආයෝජනයක් ගැනසිතාවිද? ගොල්ඩ්මන් සැක්ස් වැනි අයෝජන බැන්කු අපගෙන් බිහිවෙයිද? ගූගල් වැනි මහජන ආයෝජන මත රැදෙන අති සංකීර්ණ ව්‍යාපාර මොඩල ලංකාවේ ඇතිවේද? ඔබ කුඩා මුදලක් ආයෝජනය කලවිට එය කාලයකට පසු දස ගුණයකින් සිය ගුණයකින් හෝ ඊටත් වැඩි ගුණයකින් වර්ධනය වේ යැයි කවුරුන් හෝ කිවහොත් එය වංචාවක් යැයි සිතන්නට දැන් මහජනයා පෙලබෙනු ඇත. එසේනම් මෙම උදාරණය දෙස බලන්න. ගූගල් යනු ඇමරිකානු විශ්ව විද්‍යාලයක සිසුන් දෙනෙනෙකු මූලිකවී පටන් ගත් සංකීර්ණ තාක්ශණික ආයෝජන මත පදනම් වූ ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරයට මුල් අවදියේදී ඔවුන්ගේ හිතවත් මහාචාර්යය වරයෙකි ඩොලර් 100000 ක මුදලක් දමා ඇත. වසර 15 පසු එම ආයෝජනයේ වටිනාකම අදවනවිද ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇත (1.3 billion $).

වාණිජ්‍යය යනු සංකීර්ණ විශයකි . යම් මුදලක් ආයෝජනය කලපසු එය දහස් ගුණයකින් වැඩි කර දෙන්නේ යැයි කීවද එය වංචාවක් ලෙස හංවඩු ගැසීමට බැරිය. සරලව කිවහොත් නවතම ව්‍යාපාරික මොඩලයක් සමග ඉදිරියට එන ව්‍යාපාරයකට මුලින් ම සල්ලි දාන්න ආයෝජකයන් ඉදිරිපත් වෙන්නේ ඉතා සුලුවශයෙන්. ඒ වංචාවක් නිසා නොව එම ව්‍යාපාරය අසාර්තක වීමට ඉඩ ඇති නිසාය. නමුත් මේවා සක්විත්තලාගෙ මෙන් පැන යන්නට සැලසුම් කොට අරබන්නක් නොව, ඉතා දිරිය මිනිසුන් විසින් උසස් බලාපොරොත්තු දල්වාගෙන අරබන ව්යපාරයි. මෙම ව්‍යාපාර මොඩල අලුත් නිසා ඉදිරිපත් වන ආයෝජකයින් දිරිගන්න්වන්න මොවුන් කරන්නේ ඔවුන් ආයෝජනය කරන සෑම ඩොලරයකටම අධි වටිනාකමක් ලබාදීමයි. එනම් ඔබ ඩොලර් 1000000 ක් දමනවිට ඔබට අනාගතයේ ගොඩ නැගෙන සමාගමේ ඩොලර් බිලියනයක වටිනාකමක් ඔබට ලබාදේ. මේවා වංචා නොව, සැබෑ අනුමත වාණ්ජ්ය ක්‍රම වේදයන්ය. ඔබට එවැනි ව්‍යාපාර ලිස්ට් එකක් බලන්න ඔනෑනම් මේ ලින්ක් එක වෙත යන්න.

එසේනම් අධි අවදානම් ආයෝජන වලට නොයන්නැයි මහබැංකුව කරන්නේ ඔවුගේ රාජකාරි පහසු කරගැනීමක් පමණි. අධි අවදානම් ආයෝජන යනු රටක වර්ධනය ඉක්මන් කරන්වන්නක් විනා බිද වට්ටන්නක් නොවේ. සිදුවිය යුත්තේ රටේ නීතිය ශක්තිමත් වීම පමණකි. තිස්ස ආයෝජන වංචාව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ ඔවුන්ට එතරම් ලොකු දඩුවමක් ලබාදිය නොහැකි බවයි. ඔහුගේ කතාව බොරු නම් එය ප්‍රශ්ණයකි. ඔහුගේ කතාව ඇත්ත නම් එය ඊටත් වඩා ප්‍රශ්ණයකි. කොහෙල් කැනක් හොරකම් කරන් එකා ගේ හතර හංදි කඩන නීතියට රුපියල් බිලියන ගනන් වංචාකරන එකෙකුට දඩුවම් දිය නොහැකිනම් ඒ රටේ නීතිය ගැන දෙවරක් සිතිය යුතුය.

මේවා මෙසේ සිදුවුවහොත අපේ රටේ හැමදාම ජොන් කීල්ස්, කාගීල්ස්, හැරි ජයවර්ධන, ධම්මික වැන්නවුන් විතරක් රජකරාවි. අලුත් සමාගමකට කිසිදා අරමුදල් රැස්කරගැනීමට නොහැකිවේවි. හිතන්න ලංකාවතුල නව ව්‍යාපාර මොඩලයකට ආයෝජන රැස්කිරීමට මිනිසෙකුට දැන් හැකියාවක් ඉතිරිවේද? සක්විතා බිලියන ගානකට විද්දේය, ගොල්ඩන් වංචාවට අසුවූ උන් සමහරු එල්ලිලා මලේය. තව මෙවැනි දේවල් සිදුවුවහොත මිනිසුන් ආයෝජන තියා සීට්ටුවක්වත් නොදමා සිටිවි.

ඔබේ අදහස්ද ගරු කරමි, කමෙන්ට් දාන්න

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com7tag:blogger.com,1999:blog-4182111206275500298.post-67183656077026378922013-12-09T23:17:00.001-08:002013-12-09T23:17:21.382-08:00නැගී එන වෙබ් අඩවි මත පිහිටවු මෘදුකාංග හා ආසියාවේ ඉරණම

යුරෝපියානුවන් හා ඇමරිකානුවන් අධ්‍යාපනික හා ව්‍යාපාර සදහා වූ මෘදුකාංග මිලදී ගන්නට වරක් දෙවරක් සිතමින් ලතවෙමින් ඉන්නා කාලේ අපි ඒවා හොරාට බාගෙන රසවින්දෙමු, ඒ වාගේ කෙල පැමිණියෙමු. සංකීර්ණ මෘදුකාංග වල පරිස්සමෙන් තෝරාගත් කොටස් පමනක් ඔවුන් මිලදී ගනිද්දී අපි සම්පූර්ණ පැකේජම බාගෙන පාවිච්චිකලෙමු. නමුත් අපේ රටවල්වල තොරතුරු තාක්ෂණ පඩියන්ටද නොතේරෙමින් අප වැටී ඇත්තේ මහා වලකය. මක් නිසාද මෙම වැඩ පිලිවෙලට කෙල වෙන දවසක් ඉදිරෙයේ එමින් තිබෙන නිසාය. මාසික හෝ වාරික වශයෙන් මුදල් ගෙවමින් අන්තර්ජාලය මත පිහිටවූ මෘදුකාංග ක්‍රමවේදය දැන් දැන් සියලුම අංශ ආක්රමනය කරමින් සිටී. මේවාගේ මිල ගනන්ද, ඩොලර් 20 සිට 100 වැනි ඉහල මුදල් පරාස (මාසික පරිහරණ ) ඔස්සේ විහිදෙයි. ඇමරිකානුවෙකුට මෙය ඉතා සුලු මුදලක් උවද අපහට මෙම මුදල ඉතා ඉහල අගයකි. මේවා හොරාට බා ගැනිලි, එක් කෙනෙක් මිලදීගෙන කිහිපදෙනෙක් බාවිත කිරීම වැනි ජෝක්වලට කදිම පිලිතුරු සපයමින් ඉදිරියට පැමිණ ඇත. බොහේ මෘදුකාංගවල බාවිත සීමාවන් ඇත. එක් අයෙකුය හෝ දෙදෙනෙකුට හෝ සෑහෙන ලෙස මේවායේ සීමා මායිම් සකස් කර ඇත. මාසෙකට අවශ්‍ය මෘදුකාංගවලට යන මිලහි එකතුව අවම ඩොලර් 30 -40 ක් හෝ උන හොත් එය දරන්නට අපගේ රටේ කී දෙනෙකුට නම් පුලුවන් වෙයිද? වඩාම වැදගත් ප්‍රශ්ණය අපි ඒසදහා සූදානම්ද?

අප වැඩිපුරම හොරාගත් මෘදුකාංගයේ ඔන්ලයින් වෙලුම (Microsoft online)

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com1tag:blogger.com,1999:blog-4182111206275500298.post-86847061548513924472013-12-06T22:05:00.001-08:002013-12-06T22:05:19.427-08:00ජාමෙ බේරගෙන ඉංග්‍රීසි පාවිච්චි කරමු

(මෙම ලිපියේ නිමිත්ත, මෙම දොස්තර මහතා හදිස්සියේ අත්සන් කල ලිපියක් රටටම පෙනෙන්න වෙබ් අඩවියක පලවී ඇත. )

මොන කරුමයක්ද දන්නේ නෑ ඉතින් ලංකාවේ ඉංග්‍රීසි භාෂාවට තියෙන්නේ මාර තැනක්ය. පරිගණකය හා අන්තර්ජාලය නිසා ඒකේ වටිනාකම තවත් වැඩිවී ඇත්තේ, බොහෝ හේතූන් අතර පරිගණකයට හා අන්තර්ජාලයට සිංහල ආදේශ කිරිමේදී පවතින ගැටලු නිසාවෙන් වත් විය හැක. කතාවේදී මෙන්ම ලිවීමේදීද ඉංග්‍රීසි ඉතා ප්රවේෂමින් බාවිත කලයුතුවී ඇත්තේ සුලු වරදක් උවද අපව ඉතා අවමානයට පත් කිරීමට මිනිසුන් එය අවියක් කරගත හැකි නිසාය. සනාගේ පස් කමින් අවුට් සිද්දිය අවුරුදු ගනනාවක් රටපුරා බූමරන්ගයක් ලෙසින් යමින් ඔහුගේ සිතද රිදවූයේ පසුව දෙනෝදාහක් ඉදිරියේ ඔහුව නාට්‍යයකින් පවා අවමානයට ලක් කලේ ඔහුගේ සල්ලි වලට, ක්‍රිකට් දක්ෂතාවයට, දේශපාලනයට හෝ ඔහු ඇසුරුකල සුන්දර ලදුන් ගනනට ඊර්ෂ්‍යාව නිසාද විය හැක. නමුත් සමස්ථ ක්‍රියාවලිය ඔහුගේ සිත පෑරුවේය. එය ක්‍රිකට් රාත්‍රියේ නාට්‍යට එරෙහි පැමිනිල්ලෙන් ගම්‍යවේ. මේවා අපට වලක්වන්නට නොහැකිය. අප කලයුත්තේ අප අවට සමාජයේ ස්වබාවය අදුනාගෙන ඉදිරියට යෑමයි. නමුත් අපට (ඉංග්‍රිසිය මවුබස නොවන එය දෙවන හෝ ප්‍රවීන නොවන ලෙස බාවිතාකරන්නන්) අවදානයෙන් යුතුව පාවිච්චි කිරීම තුලින් කිසිදු ප්‍රශ්ණයකට ලක් නොවී එය කිරීමට හැක. පහත සදහන් අවවාද ඔබට එය වඩාත් පහසු කරාවී යැයි මම සිතමි.

අධි අවදානම් අවස්ථා මග හැරීම

විස්තර විචාර (සමාගමක හෝ ආයතනයක ක්‍රීඩා උලෙලෙකදී), සම්මන්ත්‍රණයක උත්සවයක නිවෙදන කටයුතු, ආවේගශීලි මත ගැටුම් (රැස්වීමකදී).... මෙවැනි අවස්ථාවක මවුබස නොවන්නක් බාවිතකල හැක්කේ ඉතාම ප්‍රවීනයෙකුට පමනි. මම මෙයින් අදහස් කලේ ඔබ අවස්ථා මග හලයුතු බව නොවේ. සම්මන්ත්රනයක දේශන පවත්වන්න මම එපා කිවුවේ නැත, රැස්වීමක ඉංග්‍රිසි කතාකරන්නට එපා කිවුවේ නැත. මම කිවුවේ ඉහත සදහන් අතිශය චතුරත්වය අවශ්‍ය වන දුලබ අවස්තා මග හැරගන්නටය. සැමදාටම නොවේ ඔබ චතුරත්වයට පත්වන තෙක්.

වෙනත් අය ලියාදෙන ලිපිවලට අස්සන් කිරීමේදි ප්‍රවේශම් වන්න

අප රැකියාවල ඉහලට යද්දී බොහොවිට වැඩ කරවගන්නවා මිස කරන්නේ නැත. නමුත් අනුන් කරන වැඩවලට අපට වගකීම ගන්න සිදුවේ. ටයිපිස්ට් ටයිප් කලද අත්සන් කල පසු ලිපිය අපේය. අනේ නෑ මේ ටයිපිස්ට් කෙල්ල ටයිප් කරලා වැරදිලා යැයි කියන්නට වගකිය යුතු නිලදාරියෙකුට නොහැකිය. (උසස් පෙල ප්‍රතිපල වැරැද්දුවේ දත්ත ඇතුලත් කරපු පොර යැයි කියා ඇමතිලා ගැල උනද, ඔබ අප එවැනි වාසනාවන්තයන් නොවන බව තරයේ සිතාගන්න ).

පරිගනකය හරියට බාවිත කරන්න

ඔබ ටයිප් කරනවිට ඔබගේ මෘදුකාංගය ස්පෙලින් හා ව්‍යාකරන බලා දී වැරදි තැන් රතු කර පෙන්වනවා නම් හා එය ස්වයංක්‍රීයව නිවැරදි කර දෙනවා නම් ඔබ බයානක ඇබ්බැහියකට ලක්වන්නට යන්නෙකි. එයින් වන්නේ ඔබේ යටිහිත මෙම සේවය හැම තැනින්ම බලා පොරොත්තු වීමයි. හොදින් මතක තියාගන්න, මෙම සේවය සමහර ඊමේල් සේවාවල නැත, පවර් පොයින් ස්ලයිඩ්වල මාතෘකාවලදී සමහර විට මෙම සේවය නැත. අපේ ගොඩාක් උන්දෑලා නා ගන්නේ මෙවැනි අවස්තාවලදීය. එහෙයින් තමා ලියන දේ චෙක් කරගැනීම වැදගත්ය. ඔබගේ ටයිපින් සොෆ්ට්වෙයාර් එක ස්පෙලින් බලාදුන්නත් ව්‍යාකරන බැලීම අතින් ඒය ඉතා දුර්වලය.(Grammarly වගේ ඔන්ලයින් සේවයක් ඉතා හොද වුවද, ඒය මාස්පතා මුදල් ගෙවිය යුතු සේවයකි )

අවසන් අවවාදය, ඉගෙනගන්න, පොඩි පොඩි වැරදීම් උනද ඉදිරියටම යන්න.

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com0tag:blogger.com,1999:blog-4182111206275500298.post-7098614996273699312013-10-10T11:19:00.001-07:002013-10-10T11:19:40.566-07:00ලංකාවේ නව නිශ්පාදකයෝ - බොරු කාරයෝ, වැඩකට නැති දේ නිපදවන්නෝ හා සැබෑ නිපයුම් කරුවෝ.

මට තාමත් මතකයි, ලංකාවේ පත්තරවල නව නිශ්පාදනයක් හොයාගත් අයෙකු දුටුවිට මට ටෙලිපෝන් කරලා කියන කම් නිවනක් නැතුව හිටි අප්පච්චී. දැන්නම් එයා ඒවා කියන්නෙ නෑ. මොකද මම ගනන් ගන්නේ නැතිබව දන්න නිසා. මම එහෙම කලේ අප්ප්ච්චී එක්ක ප්‍රශ්ණයක් නිසා නොවේ, මේ නව නිපයුම් කරුවෝ කියාගන්න අයත් එක්ක තියෙන ප්‍රශ්ණයක් නිසා.

කෙලින්ම කියනවානම් ලංකාවේ නව නිපයුම් කරුවන් වර්ග තුනකට වෙන් කරන්න පුලුවන්. බොරු කාරයෝ, වැඩකට නැති දේ නිපදවන්නෝ හා සැබෑ නිපයුම් කරුවෝ. අපේ රටේ අවාසනාවට වැඩිපුරම ඉන්නේ බොරු කාරයෝ හා වැඩකට නැතිදේ නිපදවන්නෝ. මීට වසර ගනනාවකට කලින් මට මතකයි අතුරුගිරිය පැත්තේ පොඩි කොල්ලෙක් වතුරෙන් දුවන වාහනයක් හැදුවා, අගමැතිත් (දීමූ නොවේ, කලින් හිටිය පොර, නම දන්නවානේ කවුරුත්) අහුවුන මේ බොරුව එලි උනේ හෙන සෙට් එකක් තමුන්ගේ වාහනත් වතුරෙන් දුවන්න වෙනස් කරන්න සල්ලි ගෙවුවාට පස්සේයි. වතුරයි ඩීසලුයි කලවම් කරලා වාහන දුවන්න පුලුවන් කියලා ආයෝජකයන්ව රවටපු තවත් පොරක් ලංකාවේ හිරේ ගියා. ඒ අහින්සක ව්‍යාපාරිකයෙක් ගෙන් මිලියනයකට අධික මුදලක් වංචාකල පසුයි. අවාසනාව කියන්නේ මේක ලෝකයෙ වෙනත් රටවල් වල වෙනත් අය විසින් කරපු බොරුවක්. පිලිපීනයේ අයෙක්, ඇමරිකාවේ අයෙකුත් මේ බොරුව මේ විදිහටම කරලා තුබුනා.

වතුරෙන් දුවන වාහනය පොලව හෙලවෙන (groundbreaking ;-)) නිපයුමක් ලෙස මාධ්‍ය වාර්තාකර තිබූ අන්දම.  http://archives.dailynews.lk/2008/07/16/news12.asp

බොරුව එලිවූ පසු http://www.lankanewspapers.com/news/2008/10/33666_space.html

ඒ බොරු කාරයෝ නේ, ඊලග වසන්ගතේ තමයි අනවශ්‍ය නව නිපයුම් කරන අය. මේ අයගේ පොදු ලක්ෂණය තමයි නිසි අධ්‍යාපන පසුබිමක් නොතිබීම හා ලොකයේ විද්‍යාත්මක තාක්ෂණික රටාව පිලිබද නිසි දැනුමක් නොතිබීම. මොකක් හරි උපකල්පනයක් (hypothesis) හිතට ආපු මේ ගොල්ල මොකද කරන්නේ මොනවා හරි මගුලක් අටවනවා. විද්‍යා මාධ්‍යවේදීන් (scientific journalist) අල්ප අපේ රටේ මාධ්‍යකරුවන්ටත් මේ අය වීරයෝ වෙනවා, රැල්ල දැක්ක ගමන් දේශපාලකයෙක් දෙන්නෙකුත් මේකට සෙට් වෙලා අපේ සල්ලි එයාලාගේ වගේ දන් දෙනවා. නමුත් ඉහත කී උපකල්පිතය නිසි විද්‍යාත්මක පදනමක් ඇති දෙයක් ද යන්න කිසිවෙකුත් සොයා බලන්නේ නෑ. මට මතකයි රැලි නොනගින බෝට්ටුවක් හැදුවා කවුදෝ මන්දා, ඒකේ වීඩියෝව බලපු මට අනේ අපොයි කියලා හිතුනා. බෝට්ටුවක් හරිම හෙමින් ඉස්සරහට යනවා, රැලි නෑ කීවට පොඩි රැල්ලකුත් පිටිපස්සට එනවා ...........

මේවගේ කලුගල් අතර මැණික් ද නැතුවාම නොවේ. නමුත් අවාසනාව නම් ඒඅයට ලැබෙන්න ඕන සහාය හා මහජන මුදල් ලැබෙන්නේ බොරුකාරයන්ට වීමයි. මොකද බොරුව ලස්සනයි, නියම නව නිශ්පාදන බොරුව තරම් සුන්දර නැහැ. කටුකයි, ගොඩාක් වැඩ කරන්න ඔන , කාලය ගතවෙනවා, ඉවසීම තියෙන්නෙ ඔන. නියම නවනිපයුම් එහෙමයි. පුන්චි පෙට්ටියක් වගේ කැලක් හයි කරාම කාර් එක වතුරෙන් දුවන්න, වතුරයි ඩීසලුයි සුපර් බෙලෙන්ඩ් කරලා ඉන්දන හදන්න ... මේවා නිකම් හීන වගේ නේද? අහනකොටත් ආසයි. ඒත් නව නිපයුම් බොරුව මෙන් පහසු හා ආකර්ෂණීය නැහ.

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com1tag:blogger.com,1999:blog-4182111206275500298.post-57200993555231598942013-10-07T08:55:00.000-07:002013-10-07T08:55:05.259-07:00ශිෂ්‍යත්ව විභාගයට කෙලවන්න හදන හරක් රැලක්

ශිෂ්‍යත්ව විභාගය ලමා මනසට බරක් බව මම එක හෙලා පිලිගන්නෙමි, එය මනසට පමණක් නොව ලමා දිවියටද තර්ජනයක් බවට අසමත්වූ සිසු දියණයක නිවසින් එලවීම හා ලකුණු අඩුවූ දරුවෙකු ස්තික්කයකින් පිලිස්සීමත් උදාහරන ලෙස දැක්විය හැක. නමුත් මේවා දඩමීමා කරගෙන මෙම විභාගය නැවත් වීමට යම් කිසි ජාතික ව්‍යාපාරයක් උත්සාහ කිරීම මම නම් සලකන්නේ සාමාන්‍ය පන්තියේ දක්ෂ දරුවන්න්ට යහපත් පාසලක් ලබාගැනීමට ඇති අවසාන හා එකම අවස්ථාවත් විනාශ කර දැම්මීම ලෙසය. අවුරුදු ගානක මගේ ජීවිතයේ මට හමුවු ගොඩාක් දක්ෂයින් ජනප්‍රිය ඉස්කෝල වල අය, ඒත් ඒගෙල්ලන්ගේ වගතුග ගොඩාක් හොයලා බලන කොට ඔක්කෙමලා වගේ ශිෂ්‍යත්වෙන් ඒ ඒ පාසල් වලට ආපු අය. සමීක්ෂණයක් කරලා බැලුවත් මට හොදටම විශ්වාසයි අපේ රටේ ජනප්‍රිය රැකියාවලට , ගම්බද පාසල් වල ලමයිට එන්න අත්වැල උනේ ශිෂ්‍යත්ව විභාගය බව ඔප්පු වෙනවා.

ශිෂ්‍යත්ව විභාගයට කෙලවන්න හදන ඉහත කී හරක් රැල විකල්පය ලෙස දක්වන්නේ ඒ ඒ පාසල් මට්ටමෙන් පවත්වන වෙනම විභාග රැසක්. එක සම්මත විභාගයක් වෙනුවට ඒ ඒ පාසල් මට්ටමෙන් පවත්වන වෙනම විභාග රැසක් යෝජනා කරන්නේ සිරාවටම මුන් හරක් රැලක් වෙනම ඔන. ඒ තුලින් වෙන්නේ ලමයාට වැඩි පීඩනයක් එල්ල වීමත් හා අල්ලස් දුෂණය මේ කඩ ඉම් විභාගයට ඇතුල් වීමයි. එක විභාගයක් ලිවූව එකාට වෙන්නේ වෙන වෙනම ඉස්කෝල වල තියන විභාගවලට දුවන්න. අම්මලාට ලොකු ටීචර් පස්සේ ගිහින් ප්‍රශ්ණ පත්තරේ කලින්ම ගන්නත් පුලුවන් වෙයි.

මේ හරක්ට කන් නොදී මේ වටිනා විභාගය ඉදිරියට කරගෙන්න යන්න, රට කරන අයට මොලේ පෑදේවායි පතමින් ලිපිය අවසාන කරනවා.

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com8tag:blogger.com,1999:blog-4182111206275500298.post-73173623077427900992013-09-30T01:08:00.001-07:002013-09-30T01:08:29.536-07:00ඉංග්‍රිසි බැරි නිසා සැගවෙන අයින්ස්ටයිලා

(එන්නතකට බයේ සැගවෙන දරුවා, ඉංග්‍රිසීයට බය අයත් මුලුගැන්වෙන්නේ මේවගේ යැයි මට සිතුනා )

මම පහුගිය සතියේ චීනයේ බෙයිජින් නුවර උත්පේරක පිලිබද ජාත්‍යන්තර සමුලුවකට සහභාගී උනේ එවැනි සමුලුවක කරන මගේ කුලුදුල් දේශණය පවත්වන්න. ඒකට ඇමරිකාව, බටහිර යුරෝපය ප්රමුඛ රටවල් වලින් මෙන්ම සත්කාරක රට වන චීනයෙනුත් විශාල පිරිසක් සහභාගී උනා. මම මෙහිදී දුටු දෙයක් නම් චීන්නුන්ගේ පර්යේෂනවල තිබෙන දැවැන්ත ඉදිරිගාමී බව හා ඔවුන්ගේ සන්නිවේදන හැකියාවේ (ඉංග්‍රීසියෙන්) දැවැන්ත පසුබෑම. කොටින්ම චීන්නු දේශන පවත්වන විට බටහිරයන්, සමගාමීව පැවැත්වෙන වෙනත් දේශණයන් සොයා කාමරයෙන් පිටව යනු මම මේ දින දෙකේ සම්මන්ත්රනයේදී දුටුවා. ඔවුගේ පර්යේශන කටයුතු දිහා බලන විට ඒවා සමහර යුරෝපීයයන්ගේ ඒවාටත් වඩා ඉදිරියෙන් ඇති බව මට වැටහීගියා. නමුත් ඔවුන්ගේ උච්චාරනය බොහෝ බටහිරයන්ට ගැටලුවක් උනා. ඒවගේම ඔවුන්ගෙන් බටහිරයන් ප්‍රශ්ණ (සරල ප්‍රශ්ණ පවා ) ඇසූවිය, ඔවුන්ට එය ග්‍රහණය කරගත නොහැකි උනා.

මෙය දුටුවිට මට මතක් උනේ අපේ රටේ තිබෙන ඉංග්‍රීසි ප්‍රශ්ණය. චීනාට තියෙන්නේ ඇත්තටම ඉංග්‍රීසි බැරි ප්‍රශ්නේ, අපේ තියෙන්නේ ටිකක් වෙනස් ප්‍රශ්ණයක්. අපේ උච්චාරණය හා ශ්‍රවණය ඉතා ඉහල මට්ටමක තියෙනවා, නමුත් ලංකාවේ ඉංග්‍රීසිය යනු පන්ති බේදය පවත්වාගන්නා උපකරණයක් නිසා බොහෝ දෙනා වැරදීමට හෝ ලජ්ජාවට පත්වීමට බිය නිසා පසුබැස ඉන්නවා. ඔවුනට අනෙකාට අවබෝධ වීමට කතාකිරීමේ හැකියාව ඇතත් හීනමානය හෝ බිය නිසා ඉංග්‍රීසි කතා නොකර සිටිනවා. දක්ෂතා ඇතත් භාෂා පිලිබද මේ ප්‍රශ්ණය නිසා බොහෝ දෙනා පසු බැස ඉන්නවා.

මේක පර්යේෂන ක්ෂේත්රයේ පමණක් නොව සමාගම්වල , දේශපාලනයේ, ව්‍යාපාරවල ... හැමතැනකම තියන ප්‍රශ්ණයක්. භාෂා ප්‍රශ්ණය නිසා සැගවෙන සැබැ දක්ෂයන් මතු කරගන්න හැකිනම් අපට වඩා ලස්සන ලෝකයකට යන්න හැකිවේවි.

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com8tag:blogger.com,1999:blog-4182111206275500298.post-63125543201075345202013-08-17T11:08:00.004-07:002013-08-17T11:16:53.427-07:00උද්ගෝෂණයකට, රැලියකට හෝ රැස්වීමකට සහභාගී වූ හරිම ගණන Matlab ඇසුරෙන් ගණනය කරමුඅපේ රටේ වගේම ලෝකය පුරාම දැන් උද්ගෝෂණ රැල්ලක් පැතිර යනවා. සමහර ඒවානම් හරිම දරුණුයි, හරියට මේ දවස්වල ඊජිප්තුවේ එක වගේ ඒවා. තිස්තුන් කෝටියක් දෙවි පිහිටෙන් අපේ රටේ නම් එහෙම ඒවා ඇති නොවේවි. ඒත් අපේ රටෙත් උද්ගෝෂණ, රැලි හා රැස්වීම් එහෙම නම් අඩුනැහැනේ. හැබැයි මේ හැම එකකම පොඩි සමාන ලක්ෂණයක් තියෙනවා. ඒතමයි සහභාගී උන ගාන පිලිබද අඩු වැඩි වශයෙන් පැවසීම. රැලියට පක්ශ අය ආපු ගාන වැඩිකරලා පෙන්නන අතර විරුද්ධ අය කියන්නේ අඩු අගයක්. මේ කරුණ වගේම උද්ගෝෂණ හා රැලිවලට ආපු ගාන හරියට දැනගන්න එක ආරක්ෂක අංශ වලටත් හරිම වැදගත්. කොච්චර කුලු පොලු හමුදාවක් යවන්න ඔනද, වතුර විදින තුවක්කු කීයක් ඔනද වගේ සැලසුම් සකස් කරන්නත් පසුව සකස් කරන බුද්ධි අංශ වාර්තාවලටත් මේ හරිම අගය වැදගත්.

මේක Matlab වල image processing පාවිච්චිකරලා කරන්න මම උත්සාහයක් ගත්තා. මේකේදී මම යොදාගත්තේ ලගදී විපක්ශය වැලිවේරිය සිද්දියට විරුද්ධව කරපු උද්ගෝෂණයේ එක රූප රාමුවක්. මුලු උද්ගෝෂණයේම පිරිස ගණනය කරන්න මනාව සැලසුම් කරලා මුලු පිරිසම ආවරණය වෙන්න රූප කිහිපයක් හෝ නියමුවන් රහිත කේලමා කෙනෙක් ගෙන් ගුවන් ඡායාරූපයක් ගන්න ඕන. මේ ලිපිය මෙය කලහැකි බව හා එහි පදනම පෙන්වීමට පමණක් ලියවෙන්නක් බව සලකන්න.

පලමුවෙන්ම රූපය ක්‍රොප් කරලා අනවශ්‍ය කොටස් අයින් කරලා Matlab වල බින් එකට සේව් කරගත්තා. ඊට පස්සේ පහත් කෝඩ් එකෙන් රූපය variable එකකට assign කරගන්න ඕන. මොනවා කරන්නත් රූපය වල ඇතුලට ගන්න ඕනනේ.

img1=imread('img4.jpg');

imshow(img1)

ඊටපස්සේ රූපයේ වර්ණ ඉවත් කරලා අදුරු තැන් කලුකරලා ආලෝකමත් තැන් සුදු කර ගන්නවා.

img1=rgb2gray(img1);

imshow(img1)

img2=im2bw(img1,graythresh(img1));

imshow(img2)

අනතුරුව පණුවා ඔපරේටර් (~ operator ) එක පාවිච්චිකරලා කලු සුදුත් සුදු කලුත් කරගන්නවා.

img2=~img2;

imshow(img2)

අනතුරුව කලුපාට උන සීමා මයිම් සංඛ්‍යාව කියන B පැරාමීටර් එකට කරගෙන text ක්මාන්ඩ් එකෙන් එක මත පෙන්ව ගන්නවා.

B = bwboundaries(img2);

imshow(img2)

text(10,10,strcat('\color{green}Objects Found:',num2str(length(B))))

hold on

(තිරය මත දිස්වූ අගය 1020 ක්, ආසන්න වශයෙන් 1000 ක් )

වැඩි දුර පැහදිලි කරගන්න නම් අපට සීමාවන් රූපය මත ඇද ගන්නත් පුලුවන්.

for k = 1:length(B)

boundary = B{k};

plot(boundary(:,2), boundary(:,1), 'g', 'LineWidth', 0.2)

end

මැනුවලි ගැනලා බැලුවාමත් 950ක් වගේ ගානක් ආවා, වැඩේ සාර්ථකයි. මම අන්තර් ජාලයෙන් හොයාගත් code එකක් තමා මේකට යොදා ගත්තේ, image processing වලට මම අලුත්. ඒ හින්දා මේක හොදට දන්න අය තව දැනුවත් කරලා කමෙන්ට්ස් දානවා නම් හරිම සතුටුයි.
Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com15tag:blogger.com,1999:blog-4182111206275500298.post-48944668722385758752013-08-09T04:16:00.001-07:002013-08-09T04:16:52.844-07:00මොකක්ද මේ ඩයිසයන්ඩයියමයිඩ් dicyandiamide (DCD) කේස් එක?

දිවත් පැටලෙනවා නේ කියවනකොට, අපි කෙටියෙන් ඩීසීඩී (DCD) කියමුකෝ. ඩීසීඩී ගැන කෙටියෙන් කියනවානම් ඒක සයන්ඩයියමයිඩ් දෙකක එකතුවක්! එතකොට සයන්ඩයියමයිඩ් කියන්නේ? මේක කෙලවරක් නැති පැහැදිලි කිරීමක් නේ. ඇත්තටම මේ ලිපියේ අරමුණ ඩීසීඩී ගැන ඔයාලට උගන්වන්න නොවේ මේ කේස් එක ගැන මට තේරෙන සත්‍යය ඔයාලාට කියාදෙන්නයි.

ඩයිසයන්ඩයියමයිඩ් (dicyandiamide) ෆොන්ටෙරා කිරිවලට ආවේ හරිතාගාර වායු නිකුත්වීම අඩුකරන්න සෙමෙන් ක්‍රියාකරන පොහොරක් ලෙස මේවා ඔවුන්ගේ තණ බිම්වලට යෙදීමෙන් පසුවයි. තව වසරගනනාවකින් වෙනවායි කියන පරිසර අර්බුදයකට විසදුම් හොයන්න ගිහින් ෆොන්ටෙරාට උනේ ඇදගෙන නාන්න. දෙනුන් මේ තණ කෑ පසු මෙම කෙමිකල් එක ඔවුන්ගේ කිරිවලට අල්ප මාත්‍රව එකතු වෙලා තියනවා. තරගකාරී වෙලද ලෝකයේ එකිනෙකා පරයා යන්න දගලන සමාගම් වලට මේවගේ ප්‍රශ්ණවලදී හොයන්න වෙන්නේ පැලැස්තර විසදුම්.

මොකෝ ඉතින් ටොන්ගනන් කිරි විසිකරන්න ද? වහාම ක්‍රියාත්මක උන කොම්පැණිය මොකද කලේ කඩි මුඩියේ මේක මිනිසුන්ට විස නෑ කියලා ඔප්පු කරන්න විවිද පර්යේශන කරලා වාර්තා ඉදිරිපත් කලා. ෆොන්ටෙරා කියන්නේ හොද ඉතිහාසයක් තියන සමාගමක් නොවන නිසා (මෙලමයින් කේස් එක ) මේ වාර්තා කොතරම් සාධාරණද කියලා ඔයාලාම හිතාගන්න ඕන. අපේ රටේ බලදරයෝ කියන සෙට් එක දැන්මේ ගිනි අරන් දැගලුවාට ඩීසීඩී ප්‍රශ්ණය ආවේ 2012 දී. අවුරුද්දක් පරක්කු වෙලා හරි ඇස් පෑදුන එකට නම් ස්තූති කරන්න ඕන.

කොහොමත් කිරි හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වලදී විදේශ සමාගම් මත රැදෙන එක ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්. හදිසි යුධ හෝ සම්බාධක තත්ව වලදී අපට බඩගින්නේ මැරෙන්න වෙන නිසා. ඒවගේම මේවගේ අපද්‍රව්‍ය මුසුවීම වගේ සිදුවීම් වලදී ඔවුන්ගේ දියුනු රටවල වෙලද පලින් ඉවත් කරගන්නා නිශ්පාදන අපේ වගේ අඩු තාක්ෂණ හැකියාවක් හා දුෂිත නිලධාරීන් ඉන්නා රටවලට එවීමට තිබෙන නැබුරුතාවයත් නිසා.

හැබැයි තව පොඩි ඇත්තක් කියන්න ඕන, මේ කේස් එකේදී අපේ රටේ කිරි
නිශ්පාදකයෝ පොඩි අයුතු ප්‍රචාරනයක් ගෙනයනවා ඔවුන්ගේ කිරි වල ඩීසීඩී නෑ
කියලා. ඒක විහිලු කතාවක්, අපේ රටේ තණ බිම් වලට ඩීසීඩී ගහන්නේ නැති නිසා
ඩීසීඩී අපේ කිරි වලට එන්න කොහෙත්ම බෑ. අපේ කිරි පිරිසුදුයි කියන්න නම්, අපේ
රටේ කිරි නිශ්පාදනයේ ජීව චක්‍රය Life Cycle අධ්‍යයනය කරලා අපේ රටේ කිරිවල
තිබිය හැකි විස ද්‍රව්‍ය වලට අධ්‍යයනයක් කලයුතුයි.

මම හිතනවා පොඩිහරි පැහැදිලි කිරීමක් ඔබලාට ලැබෙන්න ඇති කියලා. දැනටනම් මගේ ලිපි කියවන්නේ සිංහල බ්ලොගර් එකෙ කට්ටියයි, කොත්තු එකේ කට්ටියයි විතරයි. හිතනවා නම් ඔයාලා අනිත් යාලුවන්ට නෑදෑයන්ට ගුරුවරුන්ට බොස්ලාට් මේක දැනගන්න එක හොදයි කියලා මූණුපොතේ හෝ ලින්ක් ඉන් එකේ මේක බෙදා හදාගන්න.

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com6tag:blogger.com,1999:blog-4182111206275500298.post-50478604314052097092013-08-05T18:41:00.001-07:002013-08-05T18:49:49.825-07:00පානීය ජලයට ජාතික සැලසුමක් අවශ්‍යයයි

වැලිවේරිය පැත්තේ පානීය ජලය වෙනුවෙන් උද්ගෝෂණයක් කරලා දෙපැත්තම සීමාවන් ඉක්මවන්න ගිහින් කොහේවත් හිටපු අහිංසකයෝ කිහිපදෙනෙක් ඇතුලුව විරෝධතා කරුවන් පිරිසක් අද තුවාලවෙලා හෝ දිවියෙන් සමු අරන්. මේක එක තැනක මේ විදිහට අවාසනාවන්ත ලෙස මතු උනාට, ගොඩාක් තැන්වල අවාසනාවන්ත ලෙස යටපත්වෙලා ඔඩුදුවන ප්‍රශ්ණයක්.

අපේ රටේ පානීය ජලය ලැබෙන ආකාර ගත්තොත්; ලොකු ලොකු කම්පනි හා යහමින් අතමිට තියන අය බෝතල් කල වතුර බොනවා, ටැප් ලයින් හම්බ උන අය ඒවා උනුකර නිවලා බොනවා, භූගත ජලය නල ලිං / ලිං වලින් ගෙන බොනවා හෝ ස්බාවික ගලාගෙන යන ජලය/උල්පත් වතුර බොනවා. මේක තමයි අපේ රටේ පොදුවේ පානීය ජලය ලබාගන්න වැඩපිලිවෙල. නමුත් කාර්මීකරණයත් එක්ක , නව කෘෂි කර්මාන්තයත් (පලිබොධ නාශක හා වස )එක්ක නාගරික හා අර්ධ නාගරික ජනාවාස මූලික කරගත් ආර්ථිකයකට ගමන් කරන අපිට ඉහත වැඩපිලිවෙලේ එක ක්‍රමයක් ඇරුණාම අනිත් සියලුම අංග වලට ඉතා ඉක්මනින් සමුදෙන්න වෙනවා. අපට පානීය ජල විසදුමක් ලෙස ඉදිරියට පවත්වාගෙන යා හැක්කේ නියමිත ප්‍රමිතියකට තත්ව පාලනයක් සහිත බෝතල් කල ජලය පමනයි.

බොතල් කල ජලය කිවූ ගමන් බය වෙන්න එපා, මම මේ කතාකරන්නේ රුපියල් 40 ක් පමණවෙන මිලිලීටර 500 බෝතල් ගැන නොවේ. මම කියන්නේ ලීටර විස්සක් පමණ වන, නැවත පිරවිය හැකි ඩිස්පෙන්සර් මත තබන බෝතල් කල පිරිසිදු කරන ලද ජලය ගැනයි. නැවත පිරවීම හා ප්‍රවාහනය සේවාසපයන සමාගමක් විසින් කිරීම මේ ක්‍රමයේදී සිදු කෙරේ. රටක සීමිත පිරිසක් මේ සේවය බාවිතා කරනවිට මෙය ඉතා මිල අධික ක්‍රමයක් උවද, මහා පරිමාණයේ අධික පිරිසක් නිරන්තරයෙන් බාවිතා කරන කල්හී මෙය ඉතා ලාබදායී ක්‍රමයක් වෙනවා.

සංවර්ධනයට හෝ කාර්මීකරණයට විරුද්ධ වන්න අපට බෑ.අවශ්‍යයත් නෑ. අපි කලයුත්තේ සංවර්ධනය වූ රටවල් මෙවැනි ප්‍රශ්ණ වලදී ගත් ක්‍රියා මාර්ග අනුගමනය කිරීමයි. පිරිසුදු කල වාණජ්යමය ලෙස ඇසුරුම් කල පානීය ජලය බාවිතයට ජනතාව හැඩ ගැස්වීමයි අප කල යුත්තේ.

මිල ගැන ප්‍රශ්න කරන්න එපා, මම උදාහරණයක් කියන්නම්, අපේ රටේ ජංගම දුරකතන ආපු දවස් වල ඒවා ධනපතීන්ට පමණයි සීමා උනේ, නමුත් අද වෙනකොට ජංගම දුරකතන වැහිවැහැලා නේද? හැමෝටම එකක් තියනවා නේද? බිලත් සාදාරනයි නේද?

මේ ජාතික වැඩ පිලිවෙල කොතනින් හෝ ආරම්භ කලයුතු වෙනවා. සංවාදයට ඇරයුම්, කමෙන්ට් කරන්න, පුලුවන් විදිහට උත්තර දෙන්නම්.

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com4tag:blogger.com,1999:blog-4182111206275500298.post-791537131803734442012-09-21T07:52:00.002-07:002012-09-21T07:56:23.824-07:00සොච්චමකින් පර්යේශන කරන්න පුලුවන්ද?

මම ලංකාවන් ඇවිල්ලා දැන් අවුරුදු
දෙකක් වෙනවා. ඒ කාලේ නම් විද්‍යා පශ්චාත් උපාධි පර්යේශනයක භාන්ඩ හා උපකරන
සදහා අවුරුදු දෙක සදහා නිකුත් කරන්නේ ලක්ශ 3කට අඩු ප්‍රමානයක්. පර්යේශන
කියන්නේ බිස්නස් වගේ කරපු ගමන් හරියන හා හරියායුතු දෙයක් නොවේ. උපකල්පිතය
සැබැවක්ද යන්න තීරණය කිරීමට මහත් වෙහෙසක් ගන්න සිද්ද වෙනවා. මේ වගේ අවම
පර්මාණයකින් ලොකු අවදානමක් අරගෙන තමයි අපේ පශ්චාත් පර්යේශණ ව්‍යාපෘති
සිදුකරන්නේ.

මේ ගාන වැඩිවෙලාද කියලා නම් දන්නේ නැහැ. ඒත්
වැඩිවෙලා නම් නැතිවෙන්න ඕන. මොකද නැත්නම් මාස තුනක් පඩිත් නැතුව අපේ සර්ලා
මැඩම්ලා වැඩ වරන්න ඔන නැහැනේ.

මම දැන් ඉගන ගන්න රටේ,
පශ්චාත් උපාඩි අපේක්ශකයින් කිහිපදෙනෙක් පමනක් සිටින සහකාර
මහාචාර්යවරයකුටත් වසරක් සදහා ලංකාවේ මුදලින් ගත්තොත් ලක්ශ 80ක් පමණ
ලැබෙනවා. ඉතින් මහාචාර්ය ගැන කවර කතාද?මම අනෙක් විද්‍යා ක්ෂේත්‍ර ගැන නම් ගොඩාක් දන්නේ නැහැ. එත් රසායන විද්‍යා අංශයෙන් හෝ ඉංජිනේරු අංශයෙන් නම් දැනෙන දෙයක් කරන්න ගොඩක් සල්ලි ඕන වෙනවා.

සල්ලි ඔන වෙන්නේ මොනවටද කියලා මම සරලව කියන්නම්.

අවශ්‍ය පොත් පත් හා පර්යේශන ලිපි මිලදී ගැනීමට.

රසායන ද්‍රව්‍ය හෝ උපකරන මිලදී ගැනීමට

ප්‍රතිපල තහවුරු කර ගැනීම හා විශ්ලේශනය(ex:- HPLC, ICP-AES/MS, NMR, FT-IR, ...)

සම්මන්ත්රනවලට සහභාගී වීම

පර්යේශන ලිපි පල කරවා ගැනීම (බොහෝ ලිපි නොමිලේ පලවුවද සමහර පර්යෙශ්න සගරාවලට මුදලක් ගෙවා පල කර ගත යුතුවේ. )

පර්යෙශන සහකාර ගෙවීම්.
සුලු සේවක ගෙවීම් (අත්‍යාවශ අවස්ථාවලදී)
හා අනෙකුත් වියහියදම්

මේවා ලක්ශ දෙක තුනකින් කරගන්න පුලුවන්ද? ගොඩාක්ම දුක හිතෙන්නේ අපේ රටේ සල්ලි තියාගෙන මේවාට වියදම් නොකිරීමයි. අපේ රටේ ඇත්තටම තියෙන්නේ සල්ලි නැති ප්‍රශ්ණයක් නොවේ. ප්‍රතිපාදන වෙන් කිරිමේදී සැලකිලිමත් කමක් නැතිව සල්ලි වෙන් කිරීම නිසා වෙලා තියෙන ප්‍රශ්නයක්. සමහර වැඩ වලට ඔනවටත් වඩා සල්ලි. සමහර දේවල් වලට අත්‍යාවශ්‍ය ප්‍රමාණයවත් නැහැ. අපි මේගැන හිතලා කටයුතු කලේ නැත්නම් කොරියාව සිංගප්පූරුව අපිව පහුකලා වගේ අප්‍රිකාවේ මලාවී සුඩාන් වගෙ රටවලුත් අපිව පාස් කරගෙන යාවි.

(අඩු තරමින් FB එකේවත් share කරගෙන මේ පනිවිඩයට පියාපත් ලබාදෙන්න. )

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com8tag:blogger.com,1999:blog-4182111206275500298.post-25945146461579862452012-09-14T09:24:00.001-07:002012-09-14T09:24:27.949-07:00විද්‍යාව බොරුවක් කියා කියන්නට පුලුවන්ද?

විද්‍යාව සර්ව් සම්පූර්ණ නැතැයි යමෙක් කියයිද, ඔහු අත්පොලසන් දී පිලිගැනීමට පෙල ගැසී සිටින්නෙකි මා. එය පරිපූර්ණත්වය කරා යන ගමනකි. විශ්වය අවබෝධ කරගනිමින් ඉදිරියට යන ගමනකි. පුද්ගල මතවාද නොව බහුතරයකගේ අධීක්ෂණයකින් යුතුව ඉදිරියට යන ගමනකි. (මෙහි පැහැදිලිවම බලවත් රාජ්‍යයන්ගේ හා ජාතීන්ගේ ආධිපත්‍යයන් ඇත. නමුත් එය විද්‍යාවේ සත්‍ය අසත්‍ය පිලිබිබු කරන සාධකයක් නොවන්නේය. )

නිවුටන්ගේ නියම තුන ඉතා සරලය. එය සුදුසුකම් නැති සමහර විද්‍යා ගුරුවරුන් ගෙන් උගත් අසරණ සිසුන් හා ඉගනීමට කිසිදු උනන්දුවක් නොදැක්වූවන් හැරුනු කොට කාටත් තේරුම් ගත හැකි සරල නියම තුනකි. නමුත් මෙම සරල නියම තුන ලෝකය බොහෝ සංසිද්ධි මනාවට පැහැදිලි කලේය. පාලම් ගොඩනැගිලි වාහන රොකට් ගුවන් යානා ආදි බොහෝ දේ සදහා නිව්ටන් හා ඔහුගේ සමකාලීනයන් හදුනාගෙන මතුකරගත් නියමයන් මනාව තාක්ශණික අඩිතාලම සපයා දුනි. අප මේවා සත්‍යයද අසත්‍යයද කීමට මේවා සොයාගත් අයගේ ජාතිය කුලය හා ආගම පදනම් කර ගත යුතු නොවේ. සුද්දාට මමත් එතරම් කැමති නැත. ඒ මම ඔවුන්ට අකැමැති නිසාම නොව ඔවුන් මා ගනන් නොගන්නා නිසාය. තනිපුද්ගලවාදීන් (individualistic) වන සුද්දන්ට අපිවත් අපිට සුද්දන්වත් පෑහෙනේ නැත. නමුත් එය ඔවුන් සොයාගත් නියමයන් පිලිනොගැනීමට හේතුවක් නොවිය යුතුය.

නිවුටන්ගේ නියම වල පරාසය ඉක්මවමින් අයින්ස්ටයින්ගේ යුගය පැමිණියේය. නමුත් නිවුටන්ගේ නියම බොරුවූවා නොවේ. එය සරලව කිව හොත් සිල්ලර කඩයක් අසලට සුපර් මාර්කට් එකක් ආවා වාගේය. සුපිරි වෙලද සැල වඩා වැඩි පරාසයක් ආවරණය කරන අතර සිල්ලට කඩය එයට වඩා අඩු පරාසයක් ආවරණය කරයි. අයින්ස්ටයින් හා සමකාලීන බොහෝ විද්‍යාඥයන් නිව්ටන්ලා අපිට පෙන්වූ ලොව තවතවත් පැහැදිලි කර අපට පෙන්වූයේය.

ආදි කාලයේ සැත්කම් කාමරයෙන් ඇසුන මර ලතෝනි නිර්වින්දන ඖෂධ වලින් තුරන් කර දැමුවේය. නියත මරණය හිමිව තිබූ බරපතල රෝග ගනණාවක් ලොවින් තුරන් වී හමාරය. පැය ගනණකි ලොව ඇවැසි තැනකට යා හැකිය. මුලු ලොවම අතේ ගෙනයා හැකි දුරකතනයක් මගින් ඇමතිය හැක. මෙකී නොකී ඉමහත් කරුණු කාරනා ලොවට දායද කල විද්‍යාව බොරුයි කියා සිතීමට මටනම් කරුණු නැත්තේය.

විද්‍යාව බොරු කියාගෙන කෑගසන පිරිසක් සිටින බව දන්නා නමුත් ඔවුනට පිලිතුරු දීමට ක්‍රමයක් නැත්තේ විද්‍යාව, බොරු, පච, පඪියෝ, මෝඩයෝ වැනි සටන් පාඪ කිහිපයක් විනා ඔවුන් පැහැදිලිව යමක් නොකියන බැවිනි. එමෙන්ම විද්‍යාව විසින් විසදන ප්‍රශ්න විසදීමට ඔවුන් ලග විකල්පයක්ද නැති බැවිනි.

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com10tag:blogger.com,1999:blog-4182111206275500298.post-59536819659396224702012-09-13T08:17:00.002-07:002012-09-13T08:17:36.767-07:00නොසිතන මිනිසා ඇන්දවීමට පහසුය

Samsung ආයතනයට ඩොලර් බිලියනයක් Apple ට ගෙවන්නට වූ බව බ්ලොග් කියවන අයට
නම් රහසක් වන්නට බැරිය. අලුත්ම පුවත නම් ඔවුන් එය ගෙවූ ආකාරය පිලිබදව
අන්තර්ජාලය තුල පැතිරෙන කතාවය. ඩොලර් සත පහේ කාසිවලින් එය ගෙවා දැමූ බවත්
ට්‍රක් රත තිහකින් එය ගෙනා බවත් ඇපල් සමාගම මහත් කරදරයට පත් වූ බවත් එයින්
කියැවුනි. බොරු ගොතා පල කොට පාඨකයින් ගෙන්වා ගන්නා අන්තර්ජාල සගරා හා
ඊමේල් වෙලදාම් කරුවන් මෙම පුවතට පන දුන්නේය. සමහරුන් මෙය ඇත්තක් යැයි
සිතුවේය.

බොරු පුවත
පුවත පිලිබද ඇත්ත හා විග්‍රහය

මෙම ලිපියේ අරමුණ මෙම පුවත් පිලිබදව කීම, මෙම පුවත පල කල උන් පිලිබදව
කීම නොව එම පුවත හා මෙවැනි බොරු පුවත් වලට හසුවන මිනිසුන්ගේ පසුබිම
කියාදෙන්නය. ඉතා සරල සිතීම් වලින් මෙවැනි බොරු හදුනාගත හැක. ඩොලර්
බිලියනයක් සත පහේ කාසිවලින් ගෙවන්නේනම් කාසි බිලියන 20 ක් ඇවසිය. මූල්‍ය
ද්‍රවශීලතාවය රැක ගැනීමට නිකුත් කරන මෙම අල්ප වටිනාකම් ඇති කාසි, මේසා
අතිවිශාල ප්‍රමාණයක් එක් සමාගමකට පමණක් එක් කරගැන්නීම අතිශය අපහසුය. කෙසේ
හො ලබාගත්තද එය ටොන් 100,000 ය ඉක්මවා යන අතිවිශාල ප්රමාණයකි. කෙසේ හෝ මෙම
බොරුව බොරුවක් බව හෙලිවී අවසානය. මෙම සිද්දිය අපට බොහෝ සේ සමීප නැත. නමුත්
සක්විතිගේ වංචාව, වතුරෙන් දුවන වාහනය පිලිබද පුවත වැනි දේවල් අපට සමිප අතර
ඒවායින් අප බොහොදෙනා තුල පවතින අවිද්‍යාත්මක චින්තනය සක්සුදක් සේ පැහැදිලි
කරගත හැක.

රුපියල් ලක්ශයක් දුන් විට විසිදාහ බැගින් මාසෙකට ගෙවන්නේ කෙසේදැය
මිනිසුන් සිතුවේ නැත. දහස් ගනන් වැඩකරන ආයතනවල, බිලියන ගනනින් ආයොජනය කල
සමාගම් වල පවා මෙවැනි ලාබ ලබාගැනීම සිහිනයක් බව මිනිසුන් බොහොදෙනා දැන
සිටියේ නැත. ඒ අපේ අධ්‍යාපන රටාව තුල වානිජ්‍ය සැමදෙනාටම උගන්වා නැති
හෙයිනි. අතුරුගිරිය පැත්තේ කොල්ලෙක් සරල උපකරණයකින් කාර් වතුරෙන් දුවන්නට
අටවන විට ප්‍රභල දෙශපාලකයෙක් පවා එයට රැවටී දුප්පත් අපේ බදු සල්ලි වලින්
ඔහුට ධන පරිත්‍යාගයක් පවා කලේය. ඒ සරල ක්‍රමවලින් ප්‍රායොගික මට්ටමට ජලය
ඉන්ධනයක් කල නොහැකි බව ඔවුන් නොදත් නිසාය, ටොයොටා වැනි සමාගම් ඩොලර් බිලියන
ගනනින් ආයෝජනය කොට මම පරීක්ශණ කරන බවත් එය ඉතාම සූක්ෂම හා විද්‍යාත්මක ලෙස
ඉංජිනේරුවන් බොහෝ පිරිසක් එකව කරන කටයුත්තක් බවත් ඔවුන් නොදත් නිසාය.

අප
අයින්ස්ටයින් හෝ හෝකින්ස් කෙනෙක් ලෙස සමාජය හෝ එදිනෙදා දිවිය දෙස බැලිය
යුතු නැත. නමුත් සාමාන්‍ය අවබෝධයකින් වත් එදිනෙදා දිවියේදී කටයුතු කලයුතුය.Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com7tag:blogger.com,1999:blog-4182111206275500298.post-36127946506727422552012-09-08T07:57:00.001-07:002012-09-08T08:07:41.868-07:00පසේ හෝ හාල්වල හෝ කොතැනක හෝ ඇති ආසනික් හා එවැනි රසායනික හදුනා ගන්නේ කෙසේද?

ආසනික් යනු කාර්මික අපද්‍රව්‍ය, හම් හා ලී පදම් කරන කර්මාන්ත, කෘමි හා වල් නාශක වැනි දේ නිසාවෙන් භූගත ජලයට හා පසට එක් විය හැකි මිනිසාට හානිකර රසායන අතරින් සුප්‍රසිද්ධ රසායනයකි. ආසනික් පමනක් නොව කැඩ්මියම් වැනි තවත් බොහෝදේ මෙවැනි අවදානම් අයුරින් පරිසරයට එක්වේ. ඉහත දැක්වූ අවදානම් පවතින ප්‍රදේශවල අවම තරමින් භූගත හා පරිභෝජනයට ලක්වන ජලය මෙවැනි රසායනිකයන් උදෙසා පරීක්ශා කරයුතුය.

ආසනික් විසවු දියනියක් (බංග්ලාදේශ )

එය කරන්නේ කෙසේද? මේ සදහා ලොව පිලිගත් ක්‍රමවේද රසායන විද්‍යාව සතුය. සාමාන්‍යයෙන් කොටස් බිලියනකට කිහිපයක් පමනක් මෙම රසායනය යම් සාම්පලයක (පස්, හාල්, වතුර ) තිබුනද හදුනාගත හැකි ලෙසින් තියුනු ක්‍රමවේද ලොව සතුව ඇත.

පලපුරුදු රසායන විද්‍යාඥයින් විසින් සිදුකරන පුර්ව ප්‍රතික්‍රියාවලින් ( උදා: acidic extraction or acidic oxidation digestion) පසුව පරමානුක ප්‍රතිදීප්ත වර්ණාවලීක්ශය (atomic fluorescence spectroscopy (AFS)) හා පහත ඉන්ග්‍රීසි බසින් දැක්වෙන නවීන උපකරන වලින් ආසනික් හෝ එවැනි බොහෝ රසායනික හොදින් හදුනා ගත හැක.මෙහිදී පුර්ව ප්‍රතික්‍රියා වලදී සිදුවන්නේ ඉතා අල්ප වශයෙන් ඇති හා සාම්පලයේ සංගටක අතර සැගව ඇති ආසනික් අයන හදුනා ගැනීම උදෙසා ඇද බැද ගැනීමයි. ඉන් පසු උපකරනයෙන් සිදු කරන්නේ තිබෙන සංගටකය තහවුරු කරගැනීම හා තිබෙන ප්‍රමාණය ගනණය කිරීමයි.

Graphite furnace atomic absorption (GFAA),

Hydride generation atomic absorption spectroscopy (HGAAS),

Inductively coupled plasma-atomic emission spectrometry (ICP-AES)

Inductively coupled plasma-mass spectrometry (ICP-MS)

මෙම ලිපිය ලියන මා හට ICP-MS උපකරණය පිලිබද මනා අවබෝධයක් ඇති අතර එය කොටස් බිලියනයකින් පමණක් නොව කොටස් ට්‍රිලියනයක් අතර සැගවී ඇති එක් පරමාණුවක් උවද හදුනාගත හැකි අති නවීන උපකරණයකි. මෙවැනි උපකරන වලින් සිදුකරන පර්යේශන වල වාර්තා ජාත්‍යන්තර බසකින් ලොව පිලිගත් විද්‍යා සගරාවලට (peer reviewed journals) ඉදිරිපත් කල හැකි අතර එයින් මෙම ප්‍රශ්නවලට සත්‍යවශයෙන්ම ලෝක අවදානයක් ගත හැක.

මේ ලිපියේ අරමුණ මෙවැනි සියුම් තාක්ශනයක් ලොව ඇතිබව ශ්‍රීලාංකිකයන්ට පෙන්වා දීම මිස රසායන විද්‍යාව ඉගැන්වීම නොවන හෙයින් හා පර්යේශන ලිපියක් ලියා අවසන් වනතුරු මාගේ මහාචාර්ය වරයා මග බලාගෙන සිටින හෙයින් (කාලය සීමිතය ) මෙම ක්‍රමවේදය ඉතා සැකවින් විස්තර කලෙමි.

දැන් ඔබට ඇති ප්‍රශ්න අතර , මෙය මෙසේ කල හැකිනම් මහත් ආන්දෝලනයට තුඩු දී ඇති රජරට ආසනික් සිද්දියේදී මෙම ක්‍රමවේද බාවිත නොකරන්නේ මන්ද යන්නත් විය හැක. එයට පිලිතුරු ගොඩාක් ඇත. නමුත් මෙම බ්ලොග් අඩවියේ මා විසින්ම පනවා ගත් ප්‍රතිපත්තියක් ලෙස මා අනුන් විවේචනය නොකරන නිසාවෙන් පිලිතුරු ගිල දමා ගනිමි.

ඔබට හැකියාවක් ඇතොත් මෙයට comment දමා තවත් දැනුම එක් කරන්න. මම කාර්ය බහුල නිසා මෙය වඩාත් විස්තර කලේ නැත. ඔබ සතුව දැනුම ඇතොත් එක් කරන්න. මෙය facebook wall, linked in, email වලට share කර මෙම දැනුම රටේ වගකිවයුතු තැනක අයෙකුට හෝ එවැන්නෙකුගේ දරුවෙකුට හෝ දන්වන්නට උත්සුක වන්න.

ස්තුතියි

(මෙම උපකරන ලංකාවේ ඇත් දැයි මා නොදනිමි. නොමැතියැයි කියා පසු බට විය යුතු නොවේ. මක්නිසාද සාම්පල පිටරට යවා මෙම පරීක්ශාව ඉතා පහසුවෙන් කරගත හැකි නිසාවෙනි)

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com6tag:blogger.com,1999:blog-4182111206275500298.post-23211566732915780902012-08-25T00:34:00.000-07:002012-08-25T00:34:12.593-07:00ජ්‍යෝතිශ්‍යය සැබෑවක්ද?

වසර දසහස් ගණක් පුරාවට අප අතර පැවෙතෙන මේ ජ්‍යෝතිශ්‍යය අපට පමණක් ආවේණිකයි සිතුවහොත් වැරදිය. මෙය අපේ රටේ මෙන්ම වෙනත් රටවලද සුලු සුලු වෙනස්කම් ඇතිව, වෙනත් රාමුතුල , වෙනත් නාමකරණයන් සහිතව භාවිතයේ පවතී. උපන් දිනය, වේලාව හා උපත සිදුවූ ස්ථානය මූලික කරගෙන දිවියේ පෙල ගැස්ම විස්තර කරන මෙම කලාව කවරදාටත් වඩා ලාංකිකයා ආකර්ශණය වී ඇත්තේ වත්මන් රාජ්‍ය පාලකයා එය තම කටයුතු වලදී ඉමහත් භක්තියෙන් අනුගමනය කිරීමත්, චතුර ජ්යෝතිශ්යඥයන් කිහිපදෙනෙකු සජීවි රූප මාධ්‍යයන් රේඩියෝ හා පුවත් පත් ඔස්සේ කරගෙනයන වැඩසටහන් කිහිපයකුත් නිසා වන්නට පුලුවන.

සමහර විද්‍යාව යන්තමින් තොලගාගත් පුහු මිනිසුන් මෙයට තදින් ගරහනු මා දැක ඇත. තවත් ගැඹුරින් විද්‍යාව උගතුන්ද මෙම කලාව හෙලා දකිනු දැක ඇත්තෙමි. නමුත් මා විශ්වාස කරන්නේ නිසි පර්යේශනයකට බාජනය කිරීමෙන් පසුව පමණක් ජ්‍යෝතිශ්‍ය පිලිබදව අප මත පල කලයුතුව ඇති බවය. මා එසේ කියන්නේ ජ්යෝතිශ්යවේදීන් මෙම කටයුත්ත මනාරාමුවක (ගණිතමය හා තාරකාවිද්‍යාත්මක ) සිට කරගෙන යන හෙයින් හා එසේම බොහෝ ප්‍රසිද්ධ ජනප්‍රිය චරිතවල කෙන්දරවල සුවිශේෂීතා තිබේම, ඇතැම් ප්‍රසිද්ධ අනාවැකි හරිගෙස් තිබීම, බොහෝ පුද්ගලයන් තම ජීව්තය අරඹයා එහි සත්‍යතා තිබුන බව පැවසීම යනාදී කරුණුත් ජ්‍යෝතිශ්‍යය පිලිබද හැදැරීමක අගය අපහට කියාදෙන බැවිනි.

ඉහත ප්රබලතා ජ්‍යෝතිශ්‍යය සතුවුවද පහත දුබලතාද ජ්යෝතිශ්යයේ ඇත. එය වර්ග දෙකට බෙදිය හැක. එනම් වෘතීය හා තාක්ෂණික ලෙසය. වෘත්තීය දුබලතානම් නිසි පාලනයක් නොමැතිකමින් එතරම් හැදැරීමකින් තොරව ඕනෑම පුද්ගලයකුට ක්ෂෙත්රයට පිවිසීමට ඇති හැකියාවයි. තවත් කරුණක් නම් දක්ශ අයෙකු වුවද නිසි වෘත්තීයවෙදයක් නොමැතිකමින් අකටයුතුකම් වලට පිවිසීමට ඇති හැකියාවයි. කුමණ ක්ෂේත්‍රයකත් දැකිය හැකිමෙම දුබලතා මෙම කලාවේදී මහත් භයානක වන්නේ එය මිනිසුන්ගේ ජීවිත ගමන තීර්ණය කරන කලාවක් වනහෙයිනි. තාක්ෂනික දුබලතාවය නම් එක් රොහකලදී හෝ එක ගමකදී එකම වේලාවට දෙදෙනෙකු උපත ලද හොත් එකම කේන්දරයක් ලැබීමයි. නමුන් ඇත්තවශයෙන්ම මේ දෙදෙනා උපදින්නේ එකම තැනක නොව අවම වශයෙන් මීටර කිහිපයන් වත් ඈත ස්ථාන දෙකක දීය. හරි නම් මෙය වෙන් කරගතහැකි ගණිත ක්‍රමයක් ජ්යෝතිශ්යයේ තිබිය යුතුය. සෙන්ටිමීටර ගනනක පෘතුවි බිම කොටසක් වෙන්කර දැකිය හැකි චන්ද්‍රිකා බිහිවෙන යුගයක මෙහි ඇති දුබලතාවය සැලකියියුතු මට්ටමකට පැමිණ පවතී. නිවුන්නු දෙදෙනෙකු පවා වෙන් කරගන්නා විද්‍යාත්මක ලොවක මේ අඩුව පුරවා ගැනීමට ජ්‍යේතීර්වේදීන් උත්සුක වියයුට්තුය. ඇත්තටම අපට එය එසේ තීව්ර කල හැකිනම් ජ්‍යෝතිශ්‍යය තවත් අඩියක් ඉදිරියට යනු ඇත.

සාරංශ ලෙස කිවහොත් ජ්යේතිශ්යය යනු පුරාණයේ සිට අප අතර පවතින ජීවිතය පිලිබද කියාදෙන කලාවකි. නිසි හැදෑරීමකින් තොරව එය පිලිබද මත කිරිම කල නොහැක්කේ එහි යම් යම් සත්‍යතා ඔවුන් මනාව ඔප්පු කල ඇති හෙයිනි.

Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com3tag:blogger.com,1999:blog-4182111206275500298.post-37245459510773769192012-08-24T20:15:00.000-07:002012-08-24T20:17:23.656-07:00විද්‍යාවේ ආදිපත්යයවිද්යාවේ ආදිපත්‍යයක් ඇතිද? ඔවු. පසුගිය සියවස් වල යුරෝපය බලවත්ව සිටි අතර දැන් ඇමරිකානුවන්ද එහි ආදිපත්‍යයට උරුම කම් කියන්නේය. නොබෙල් තෑගි පසුගිය වසරේ ජර්මනියට මේවසරේ ඇමරිකාවට ඊලග වසරේ එන්ගලන්තයට යනාදී ලෙස තට්ටුමාරු ක්‍රමයකට චලනය වන්නේය. උන් උන්ටම තෑගී දීගන්නාක් මෙන් පෙනේ. සමකාලීනයන් විමර්ශනය කරන සගරා (peer reviewed journals) බොහොමයක් බලවත් රටවල ආදිපත්‍යයේ පසුවේ. විශේෂයෙන් ඉංග්‍රීසි නොදත්තේනම් හෝ ඉංග්‍රීසිය වරද්දාගත්තේනම් මේවායේ ලිපියක් පල කරවාගැන්ම උගහටය.

නමුත් සැමදාමෙය මෙසේ වේදැයි සිතිය නොහැක. දැනටත් ජපානය, චීනය, ඉන්දියාව, තායිවානය, සිංගප්පූරුව යනාදී රටවල් ඔවුන්ගේ කරට කර සිටී. වඩත්ම ආශ්චර්ය ජනක සිද්දිය නම්, බොහෝ බටහිර හා ඇමරිකානු පර්යේශන කංඩායම් වල කනිශ්ඨ සාමාජිකයන් චීනුන් හෝ ඉන්දියානුවන් වීමය. (නොමැතිනම් යම් දියුනුවෙමින් පවතින රටක සිසුන් වීමය. ) එපමනකින් නොනැවතී මෙම කනිශ්ඨ සාමාජිකයන් තරමක් ප්‍රවීණයන් වු පසු නැවත මවුරටවල් වලට කැදවා ගැනීමට ක්‍රමවේද සකස් වන්නේය. ඔවුන් මවු රටින් ගොස් සිටියද නිතරම මවුරටේ පිහිටි ඔවුන්ගේ ප්‍රථම උපාදිය ගත් ආයතන සමග සම්බන්ද වන්නේය.

සාරංශයනම්, විද්‍යාවේ ආදිපත්‍ය යනු මාරුවිය හැකිදෙයක් වෙනත් අයෙකුට ග්‍රහණය කල හැකිදෙයක් විනා ස්තීර දෙයක් නොවන බවයි. ගලායන ගංගාවන් මෙන් ලොකු පොඩි බේද නැතිව විද්‍යාවේ ප්රගමනය සිදුවේ.වත්මනදී එය බටහිරයන් සතුවුවද, තව කලකින් එය පැහැදිලි අභියෝගයකට නතුවනු ඇත. Editorhttp://www.blogger.com/profile/14229553204205743570noreply@blogger.com3