මම ලංකාවන් ඇවිල්ලා දැන් අවුරුදු
දෙකක් වෙනවා. ඒ කාලේ නම් විද්‍යා පශ්චාත් උපාධි පර්යේශනයක භාන්ඩ හා උපකරන
සදහා අවුරුදු දෙක සදහා නිකුත් කරන්නේ ලක්ශ 3කට අඩු ප්‍රමානයක්. පර්යේශන
කියන්නේ බිස්නස් වගේ කරපු ගමන් හරියන හා හරියායුතු දෙයක් නොවේ. උපකල්පිතය
සැබැවක්ද යන්න තීරණය කිරීමට මහත් වෙහෙසක් ගන්න සිද්ද වෙනවා. මේ වගේ අවම
පර්මාණයකින් ලොකු අවදානමක් අරගෙන තමයි අපේ පශ්චාත් පර්යේශණ ව්‍යාපෘති
සිදුකරන්නේ.
මේ ගාන වැඩිවෙලාද කියලා නම් දන්නේ නැහැ. ඒත්
වැඩිවෙලා නම් නැතිවෙන්න ඕන. මොකද නැත්නම් මාස තුනක් පඩිත් නැතුව අපේ සර්ලා
මැඩම්ලා වැඩ වරන්න ඔන නැහැනේ.
මම දැන් ඉගන ගන්න රටේ,
පශ්චාත් උපාඩි අපේක්ශකයින් කිහිපදෙනෙක් පමනක් සිටින සහකාර
මහාචාර්යවරයකුටත් වසරක් සදහා ලංකාවේ මුදලින් ගත්තොත් ලක්ශ 80ක් පමණ
ලැබෙනවා. ඉතින් මහාචාර්ය ගැන කවර කතාද?මම අනෙක් විද්‍යා ක්ෂේත්‍ර ගැන නම් ගොඩාක් දන්නේ නැහැ. එත් රසායන විද්‍යා අංශයෙන් හෝ ඉංජිනේරු අංශයෙන් නම් දැනෙන දෙයක් කරන්න ගොඩක් සල්ලි ඕන වෙනවා.
සල්ලි ඔන වෙන්නේ මොනවටද කියලා මම සරලව කියන්නම්.
- අවශ්‍ය පොත් පත් හා පර්යේශන ලිපි මිලදී ගැනීමට.
- රසායන ද්‍රව්‍ය හෝ උපකරන මිලදී ගැනීමට
- ප්‍රතිපල තහවුරු කර ගැනීම හා විශ්ලේශනය(ex:- HPLC, ICP-AES/MS, NMR, FT-IR, ...)
- සම්මන්ත්‍රනවලට සහභාගී වීම
- පර්යේශන ලිපි පල කරවා ගැනීම (බොහෝ ලිපි නොමිලේ පලවුවද සමහර පර්යෙශ්න සගරාවලට මුදලක් ගෙවා පල කර ගත යුතුවේ. )
- පර්යෙශන සහකාර ගෙවීම්.
සුලු සේවක ගෙවීම් (අත්‍යාවශ අවස්ථාවලදී)
හා අනෙකුත් වියහියදම්
මේවා ලක්ශ දෙක තුනකින් කරගන්න පුලුවන්ද? ගොඩාක්ම දුක හිතෙන්නේ අපේ රටේ සල්ලි තියාගෙන මේවාට වියදම් නොකිරීමයි. අපේ රටේ ඇත්තටම තියෙන්නේ සල්ලි නැති ප්‍රශ්ණයක් නොවේ. ප්‍රතිපාදන වෙන් කිරිමේදී සැලකිලිමත් කමක් නැතිව සල්ලි වෙන් කිරීම නිසා වෙලා තියෙන ප්‍රශ්නයක්. සමහර වැඩ වලට ඔනවටත් වඩා සල්ලි. සමහර දේවල් වලට අත්‍යාවශ්‍ය ප්‍රමාණයවත් නැහැ. අපි මේගැන හිතලා කටයුතු කලේ නැත්නම් කොරියාව සිංගප්පූරුව අපිව පහුකලා වගේ අප්‍රිකාවේ මලාවී සුඩාන් වගෙ රටවලුත් අපිව පාස් කරගෙන යාවි.
(අඩු තරමින් FB එකේවත් share කරගෙන මේ පනිවිඩයට පියාපත් ලබාදෙන්න. )
(අඩු තරමින් FB එකේවත් share කරගෙන මේ පනිවිඩයට පියාපත් ලබාදෙන්න. )