Thursday, September 13, 2012

නොසිතන මිනිසා ඇන්දවීමට පහසුය



Samsung ආයතනයට ඩොලර් බිලියනයක් Apple ට ගෙවන්නට වූ බව බ්ලොග් කියවන අයට නම් රහසක් වන්නට බැරිය. අලුත්ම පුවත නම් ඔවුන් එය ගෙවූ ආකාරය පිලිබදව අන්තර්ජාලය තුල පැතිරෙන කතාවය. ඩොලර් සත පහේ කාසිවලින් එය ගෙවා දැමූ බවත් ට්‍රක් රත තිහකින් එය ගෙනා බවත් ඇපල් සමාගම මහත් කරදරයට පත් වූ බවත් එයින් කියැවුනි.  බොරු ගොතා පල කොට පාඨකයින් ගෙන්වා ගන්නා අන්තර්ජාල සගරා හා ඊමේල් වෙලදාම් කරුවන් මෙම පුවතට පන දුන්නේය. සමහරුන් මෙය ඇත්තක් යැයි සිතුවේය.

බොරු පුවත
පුවත පිලිබද ඇත්ත හා විග්‍රහය

මෙම ලිපියේ අරමුණ මෙම පුවත් පිලිබදව කීම, මෙම පුවත පල කල උන් පිලිබදව කීම නොව එම පුවත හා මෙවැනි බොරු පුවත්  වලට හසුවන මිනිසුන්ගේ පසුබිම කියාදෙන්නය. ඉතා සරල සිතීම් වලින් මෙවැනි බොරු හදුනාගත හැක. ඩොලර් බිලියනයක් සත පහේ කාසිවලින් ගෙවන්නේනම් කාසි බිලියන 20 ක් ඇවසිය. මූල්‍ය ද්‍රවශීලතාවය රැක ගැනීමට  නිකුත් කරන මෙම අල්ප වටිනාකම් ඇති කාසි, මේසා අතිවිශාල ප්‍රමාණයක් එක් සමාගමකට පමණක් එක් කරගැන්නීම අතිශය අපහසුය. කෙසේ හො ලබාගත්තද එය ටොන් 100,000 ය ඉක්මවා යන අතිවිශාල ප්‍රමාණයකි. කෙසේ හෝ මෙම බොරුව බොරුවක් බව හෙලිවී අවසානය. මෙම සිද්දිය අපට බොහෝ සේ සමීප නැත. නමුත් සක්විතිගේ වංචාව, වතුරෙන් දුවන වාහනය පිලිබද පුවත වැනි දේවල් අපට සමිප අතර ඒවායින් අප බොහොදෙනා තුල පවතින අවිද්‍යාත්මක චින්තනය සක්සුදක් සේ පැහැදිලි කරගත හැක.

රුපියල් ලක්ශයක් දුන් විට විසිදාහ බැගින් මාසෙකට ගෙවන්නේ කෙසේදැය මිනිසුන් සිතුවේ නැත. දහස් ගනන් වැඩකරන ආයතනවල, බිලියන ගනනින් ආයොජනය කල සමාගම් වල පවා මෙවැනි ලාබ ලබාගැනීම සිහිනයක් බව මිනිසුන් බොහොදෙනා දැන සිටියේ නැත. ඒ අපේ අධ්‍යාපන රටාව තුල වානිජ්‍ය සැමදෙනාටම උගන්වා නැති හෙයිනි. අතුරුගිරිය පැත්තේ කොල්ලෙක් සරල උපකරණයකින් කාර් වතුරෙන් දුවන්නට අටවන විට ප්‍රභල දෙශපාලකයෙක් පවා එයට  රැවටී දුප්පත් අපේ බදු සල්ලි වලින් ඔහුට ධන පරිත්‍යාගයක් පවා කලේය. ඒ සරල ක්‍රමවලින් ප්‍රායොගික මට්ටමට ජලය ඉන්ධනයක් කල නොහැකි බව ඔවුන් නොදත් නිසාය, ටොයොටා වැනි සමාගම් ඩොලර් බිලියන ගනනින් ආයෝජනය කොට මම පරීක්ශණ කරන බවත් එය ඉතාම සූක්ෂම හා විද්‍යාත්මක ලෙස ඉංජිනේරුවන් බොහෝ පිරිසක් එකව කරන කටයුත්තක් බවත් ඔවුන් නොදත් නිසාය.

අප අයින්ස්ටයින් හෝ හෝකින්ස් කෙනෙක් ලෙස සමාජය හෝ එදිනෙදා දිවිය දෙස බැලිය යුතු නැත. නමුත් සාමාන්‍ය අවබෝධයකින් වත් එදිනෙදා දිවියේදී කටයුතු කලයුතුය.

7 comments:

  1. කියලා ජාතියක් හොයන්න හම්බ වෙන්නෙ නැති වෙන්න ඕනි. පහුගිය ජන්ද ප්‍රථිපල බැලුවහම ඒක් තවත් සනාථ වෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. පොඩ්ඩක් විතර කමෙන්ටුව පැහැදිලි නෑ

      Delete
  2. ඕක අපේ මිනිස්සුන්ට තෙරෙන්නෙ කවද්ද කියන එක ප්‍රශ්නයක්?

    ReplyDelete
    Replies
    1. අපි එකතු වෙලා පැහැදිලි කරමු

      Delete
  3. විද්‍යාවේ අවිද්‍යාවේ වෙනස ඔබතුමා හොඳට පැහැදිලි කරල තියෙනවා..
    http://saji-blog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එකත් මම බැලුවා. හොදයි, අපි සිංහල බ්ලොග් කරගෙන යමු.

      Delete
  4. ඒ වුනාට අහම්බෙන් ඔය විදියට හොයාගත් ගොඩක් දේව්ල ඒ පරිසර වලදි පුදුම බවට පත් වුනා...

    ReplyDelete