Monday, January 27, 2014

සක්විත්තෝ නිසා බිද වැටෙන ශ්‍රීලාංකික ආයෝජන පන්නරය

 
 


සක්විති රනසිංහගේ වන්චාව පිලිබද අටුවා ටීකා ඇවැසිනැත. ආයෝජිත මුදලට ආකර්ෂණීය පොලියක් දෙන්නට ඉදිරිපත් වී අසරණයන් (මුදල් තිබූපමණින් මිනිසුන් අසරණ නොවන්නේම නොවේ) දහස් ගණනක් අනාත කරදැමුවේය. එයටත් වඩා බයානක වංචාවක් තිස්ස ප්‍රදේශයේ වාර්තාවී ඇත. මේවා පිරමීඩ පිරමීඩ කියමින් මහ බැංකුව අත සෝදා ගත්තද මේවා පිරමීඩ නොවේ. මෙවා අවංකව කරනවානම් නියම ආයෝජන ක්‍රමවේද වලට සමාන වේ. වාර්තාවෙන අන්දමට තිස්ස සිදුවී ඇති වන්චාව පිරමීඩයක් නොවේ. ඔවුන් කර ඇත්තේ ඔබ මුදල් දැමූවිට ඔවුන් අන්තර්ජාල වෙලද දැන්වීම් වලට ආයෝජනය කොට මහජනයාට (මෙහිදී ආයෝජකයන් ලවාම ) බැලිමට සලස්වා ප්‍රතිලාබ ලබාදීමයි. මෙය පිරමීඩයක් නම් ගූගල් ද පිරමීඩයකි. යාහූද පිරමීඩයකි. නැත මෙහිදී සිදුවී ඇත්තේ නියම ව්‍යාපාරික මොඩලයක් වංචාවේ යේදීමයි. ප්‍රමුක බැන්කුව, සක්විති, සෙලින්කෝ ගොල්ඩන් කී ණය පත් සමාගම, තිස්ස වංචාව මේවා නියම සත්‍ය ආයෝජන ගණිකා වෘත්තියේ යෙදවීමක් පමණි. මේවායින් දිගටම බැට කෑ මිනිසුන් ආයෝජනයක් ගැනසිතාවිද? ගොල්ඩ්මන් සැක්ස් වැනි අයෝජන බැන්කු අපගෙන් බිහිවෙයිද? ගූගල් වැනි මහජන ආයෝජන මත රැදෙන අති සංකීර්ණ ව්‍යාපාර මොඩල ලංකාවේ ඇතිවේද? ඔබ කුඩා මුදලක් ආයෝජනය කලවිට එය කාලයකට පසු දස ගුණයකින් සිය ගුණයකින් හෝ ඊටත් වැඩි ගුණයකින් වර්ධනය වේ යැයි කවුරුන් හෝ කිවහොත් එය වංචාවක් යැයි සිතන්නට දැන් මහජනයා පෙලබෙනු ඇත. එසේනම් මෙම උදාරණය දෙස බලන්න. ගූගල් යනු ඇමරිකානු විශ්ව විද්‍යාලයක සිසුන් දෙනෙනෙකු මූලිකවී පටන් ගත් සංකීර්ණ තාක්ශණික ආයෝජන මත පදනම් වූ ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරයට මුල් අවදියේදී ඔවුන්ගේ හිතවත් මහාචාර්‍යය වරයෙකි ඩොලර් 100000 ක මුදලක් දමා ඇත. වසර 15  පසු එම ආයෝජනයේ වටිනාකම අදවනවිද ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇත (1.3 billion $).

වාණිජ්‍යය යනු සංකීර්ණ විශයකි . යම් මුදලක් ආයෝජනය කලපසු එය දහස් ගුණයකින් වැඩි කර දෙන්නේ යැයි කීවද එය වංචාවක් ලෙස හංවඩු ගැසීමට බැරිය. සරලව කිවහොත් නවතම ව්‍යාපාරික මොඩලයක් සමග ඉදිරියට එන ව්‍යාපාරයකට මුලින් ම සල්ලි දාන්න ආයෝජකයන් ඉදිරිපත් වෙන්නේ ඉතා සුලුවශයෙන්. ඒ වංචාවක් නිසා නොව එම ව්‍යාපාරය අසාර්තක වීමට ඉඩ ඇති නිසාය. නමුත් මේවා සක්විත්තලාගෙ මෙන් පැන යන්නට සැලසුම් කොට අරබන්නක් නොව, ඉතා දිරිය මිනිසුන් විසින් උසස් බලාපොරොත්තු දල්වාගෙන අරබන ව්‍යපාරයි. මෙම ව්‍යාපාර මොඩල අලුත් නිසා ඉදිරිපත් වන ආයෝජකයින් දිරිගන්න්වන්න මොවුන් කරන්නේ ඔවුන් ආයෝජනය කරන සෑම ඩොලරයකටම අධි වටිනාකමක් ලබාදීමයි. එනම් ඔබ ඩොලර් 1000000 ක් දමනවිට ඔබට අනාගතයේ ගොඩ නැගෙන සමාගමේ ඩොලර් බිලියනයක වටිනාකමක් ඔබට ලබාදේ. මේවා වංචා නොව, සැබෑ අනුමත වාණ්ජ්‍ය ක්‍රම වේදයන්ය. ඔබට එවැනි ව්‍යාපාර ලිස්ට් එකක් බලන්න ඔනෑනම් මේ ලින්ක් එක වෙත යන්න.

එසේනම් අධි අවදානම් ආයෝජන වලට නොයන්නැයි මහබැංකුව කරන්නේ ඔවුගේ රාජකාරි පහසු කරගැනීමක් පමණි. අධි අවදානම් ආයෝජන යනු රටක වර්ධනය ඉක්මන් කරන්වන්නක් විනා බිද වට්ටන්නක් නොවේ. සිදුවිය යුත්තේ රටේ නීතිය ශක්තිමත් වීම පමණකි. තිස්ස ආයෝජන වංචාව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ ඔවුන්ට එතරම් ලොකු දඩුවමක් ලබාදිය නොහැකි බවයි. ඔහුගේ කතාව බොරු නම් එය ප්‍රශ්ණයකි. ඔහුගේ කතාව ඇත්ත නම් එය ඊටත් වඩා ප්‍රශ්ණයකි. කොහෙල් කැනක් හොරකම් කරන් එකා ගේ හතර හංදි කඩන නීතියට රුපියල් බිලියන ගනන් වංචාකරන එකෙකුට දඩුවම් දිය නොහැකිනම් ඒ රටේ නීතිය ගැන දෙවරක් සිතිය යුතුය. 

මේවා මෙසේ සිදුවුවහොත අපේ රටේ හැමදාම ජොන් කීල්ස්, කාගීල්ස්, හැරි ජයවර්ධන, ධම්මික වැන්නවුන් විතරක් රජකරාවි. අලුත් සමාගමකට කිසිදා අරමුදල් රැස්කරගැනීමට නොහැකිවේවි. හිතන්න ලංකාවතුල නව ව්‍යාපාර මොඩලයකට ආයෝජන රැස්කිරීමට මිනිසෙකුට දැන් හැකියාවක් ඉතිරිවේද? සක්විතා බිලියන ගානකට විද්දේය, ගොල්ඩන් වංචාවට අසුවූ උන් සමහරු එල්ලිලා මලේය.  තව මෙවැනි දේවල් සිදුවුවහොත මිනිසුන් ආයෝජන තියා සීට්ටුවක්වත් නොදමා සිටිවි.

ඔබේ අදහස්ද ගරු කරමි, කමෙන්ට් දාන්න