Saturday, August 25, 2012

ජ්‍යෝතිශ්‍යය සැබෑවක්ද?

වසර දසහස් ගණක් පුරාවට අප අතර පැවෙතෙන මේ ජ්‍යෝතිශ්‍යය අපට පමණක් ආවේණිකයි සිතුවහොත් වැරදිය. මෙය අපේ රටේ මෙන්ම වෙනත් රටවලද සුලු සුලු වෙනස්කම් ඇතිව, වෙනත් රාමුතුල , වෙනත් නාමකරණයන් සහිතව භාවිතයේ පවතී. උපන් දිනය, වේලාව හා උපත සිදුවූ ස්ථානය මූලික කරගෙන දිවියේ පෙල ගැස්ම විස්තර කරන මෙම කලාව කවරදාටත් වඩා ලාංකිකයා ආකර්ශණය වී ඇත්තේ වත්මන් රාජ්‍ය පාලකයා එය තම කටයුතු වලදී ඉමහත් භක්තියෙන් අනුගමනය කිරීමත්,  චතුර ජ්‍යෝතිශ්‍යඥයන් කිහිපදෙනෙකු සජීවි රූප මාධ්‍යයන්  රේඩියෝ හා පුවත් පත් ඔස්සේ කරගෙනයන වැඩසටහන් කිහිපයකුත් නිසා වන්නට පුලුවන.

සමහර විද්‍යාව යන්තමින් තොලගාගත් පුහු මිනිසුන් මෙයට තදින් ගරහනු මා දැක ඇත. තවත් ගැඹුරින් විද්‍යාව උගතුන්ද මෙම කලාව හෙලා දකිනු දැක ඇත්තෙමි. නමුත් මා විශ්වාස කරන්නේ නිසි පර්යේශනයකට බාජනය කිරීමෙන් පසුව පමණක් ජ්‍යෝතිශ්‍ය පිලිබදව අප මත පල කලයුතුව ඇති බවය. මා එසේ කියන්නේ ජ්‍යෝතිශ්‍යවේදීන් මෙම කටයුත්ත මනාරාමුවක (ගණිතමය හා තාරකාවිද්‍යාත්මක ) සිට කරගෙන යන හෙයින් හා එසේම බොහෝ ප්‍රසිද්ධ ජනප්‍රිය චරිතවල කෙන්දරවල සුවිශේෂීතා තිබේම, ඇතැම් ප්‍රසිද්ධ අනාවැකි හරිගෙස් තිබීම, බොහෝ පුද්ගලයන් තම ජීව්තය අරඹයා එහි සත්‍යතා තිබුන බව පැවසීම යනාදී කරුණුත් ජ්‍යෝතිශ්‍යය පිලිබද හැදැරීමක අගය අපහට කියාදෙන බැවිනි.

ඉහත ප්‍රබලතා ජ්‍යෝතිශ්‍යය සතුවුවද පහත දුබලතාද ජ්‍යෝතිශ්‍යයේ ඇත. එය වර්ග දෙකට බෙදිය හැක. එනම් වෘතීය හා තාක්ෂණික ලෙසය. වෘත්තීය දුබලතානම් නිසි පාලනයක් නොමැතිකමින් එතරම් හැදැරීමකින් තොරව ඕනෑම පුද්ගලයකුට ක්ෂෙත්‍රයට පිවිසීමට ඇති හැකියාවයි. තවත් කරුණක් නම් දක්ශ අයෙකු වුවද නිසි වෘත්තීයවෙදයක් නොමැතිකමින් අකටයුතුකම් වලට පිවිසීමට ඇති හැකියාවයි. කුමණ ක්ෂේත්‍රයකත් දැකිය හැකිමෙම දුබලතා මෙම කලාවේදී මහත් භයානක වන්නේ එය මිනිසුන්ගේ ජීවිත ගමන තීර්ණය කරන කලාවක් වනහෙයිනි. තාක්ෂනික දුබලතාවය නම් එක් රොහකලදී හෝ එක ගමකදී එකම වේලාවට දෙදෙනෙකු උපත ලද හොත් එකම කේන්දරයක් ලැබීමයි. නමුන් ඇත්තවශයෙන්ම මේ දෙදෙනා උපදින්නේ එකම තැනක නොව අවම වශයෙන් මීටර කිහිපයන් වත් ඈත ස්ථාන දෙකක දීය. හරි නම් මෙය වෙන් කරගතහැකි ගණිත ක්‍රමයක් ජ්‍යෝතිශ්‍යයේ තිබිය යුතුය.  සෙන්ටිමීටර ගනනක පෘතුවි බිම කොටසක් වෙන්කර දැකිය හැකි චන්ද්‍රිකා බිහිවෙන යුගයක මෙහි ඇති දුබලතාවය සැලකියියුතු මට්ටමකට පැමිණ පවතී. නිවුන්නු දෙදෙනෙකු පවා වෙන් කරගන්නා විද්‍යාත්මක ලොවක මේ අඩුව පුරවා ගැනීමට ජ්‍යේතීර්වේදීන් උත්සුක වියයුට්තුය. ඇත්තටම අපට එය එසේ තීව්‍ර කල හැකිනම් ජ්‍යෝතිශ්‍යය තවත් අඩියක් ඉදිරියට යනු ඇත.  

සාරංශ ලෙස කිවහොත් ජ්‍යේතිශ්‍යය යනු පුරාණයේ සිට අප අතර පවතින ජීවිතය පිලිබද කියාදෙන කලාවකි. නිසි හැදෑරීමකින් තොරව එය පිලිබද මත කිරිම කල නොහැක්කේ එහි යම් යම් සත්‍යතා ඔවුන් මනාව ඔප්පු කල ඇති හෙයිනි.

3 comments:

  1. ඔව් ඇත්ත.සමහරු බටහිර විද්‍යාව ඉගෙන ගෙන ඇවිත් මෙවට ගරහනවා.අනික මං උසස් පෙළ ව්‍යාපෘතියට කරෙත් ඔය කාරණයම තමයි.එහිද මට දැණුන දෙයක් තමයි අද ජෝතිෂ්‍යඥයන්ගෙන් ජනතාව ඈත් වෙමින් ඉන්නවා කියන එක.විෂේශයෙනම තරුණ අය.ඉතින් ඒකට වග කිව යුත්තෙත් ජෝතිෂවේදීන්ම තමයි.

    දාල තියෙන ලිපි දෙකම කියෙවුවා.ගොඩක් හොදයි.තවත් වැදගත් ලිපි ලියන්න.බ්ලොග් එක තව ලස්සන කරලා ගන්න.ජය වේවා !

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට. word verification අයින් කලා. හැබැයි ඉතින් spam එක්ක සටන් කරන්න වෙන්නේ මට තමා. කමක් නෑ කියවන අයට අදහස් දක්වන්න පහසු නම් මට පොඩි පහේ කරදරයක් තිබ්බට කමක් නෑ

      Delete
  2. Coin Casino | Casino Owins | 100% Deposit Match Bonus up to $1000
    All you need to know about Coin Casino. Our casino features 카지노 a wide variety of games 메리트 카지노 고객센터 to play including 인카지노 slots, video poker, live dealer and roulette.

    ReplyDelete