පෙබරවාරි 11 රාත්‍රියේ ලොව බොහෝමයක් දෙනා බලාසිටි නිවේදනයක් අන්තර්ෆෙරෝමීටර ලේසර් භාවිතයෙන් ගුරුත්ව තරංග විශ්ලේශනය කරන මධ්‍යස්ථානයෙන් (LIGO Scientific Collaboration) නිකුත් විනි. සමාජ ජාල වල අරුම් කොතරම් දැයි පහදමින් ලොව පුරාම මෙම පණිවිඩය ගලා ගියේ මීට වසර සියයකට පමණ පෙර ගුරුත්ව තරංග පිලිබද පලමු සිද්ධාන්ත පසුබිම හෙලු ඇල්බට් අයිස්ටන් විද්වතා කෙරෙහි ලොව ඇති ආදරය තවත් දෙගුණ තෙගුණ කරමිනි. අපේ රටේ නම් බහුලව දකින්නට නැති ජයග්‍රහණය සාමූහිකව බෙදාගැනීමේ පරම පිවිතුරු හැගීම පෙන්වමින් මධ්‍යස්ථාන ප්‍රධානී එය ලොවට කීවේ "අපි එය කලා" (Yes, We did it) යනුවෙනි.


වැඩිපුර අටුවා ටීකා නොමැතිව අපි ගුරුත්ව තරංග පැහැදිලි කරගන්නට වෙහෙසෙමු. අයින්ටයින් ගේ සාමාන්‍ය සාපේකශතාවාදය ඔස්සේ පැනනගුන මේ සංකල්පය ගොඩාක් අය තේරුම් නොගන්නේ මෙය ඉතා බලපතල අතිශය බුද්ධිමතුන්ට පමණක් තේරුම් යන්නක් ලෙස අප චිත්තාපරව (preoccupied) සිටින නිසාවෙනි.


මෙය සරලව තේරුම් ගන්නට අපි උදාහරණයක් ඔස්සේ යමු. අපි මෙට්ටයක් මත සිටින පුංචි කූබියන් පිරිසක් යැයි සිතන්න. අප ශතවර්ශ ගණනක් එම මෙට්ටය මත පුංචි ප්‍රදේශයක ආහාර හා කුඩා ප්‍රමාණයේ ද්‍රව්‍ය සමග දිවි ගෙවු අතර එක් ගවේශණාත්මක කූබියෙක් එම ප්‍රදේශය ඔබ්බෙන් ඇති ප්‍රදේශ වෙත ඇවිද ගියා යැයි සිතන්න. මේ ගිය කූඹියාට හමුවුයේ කුමක්ද? අති විශාල යගුලියක්. මෙට්ටය මත තිබෙන. ඔක්කොම කූඹි එතෙන්න දිවගියා. දෙය්යනේ මෙන්න බොලේ මෙට්ටයේ පැතලි බව විරූපී වෙලා. හැම තැනම මෙට්ටට පැතලී නේ. මෙතන තිබෙන මෙට්ට තලය කොහොමද නැමුනේ. ඔන්න එක දක්ශ කුඹියෙක් පැහැදිලි කරනවා, මේ යගුලියේ ඇති අති දැවැන්ත ස්කන්ධය නිසාවෙන් මෙට්ටය විරූපී ඇති බව. ඒ කූඹියා තමයි අයින්ස්ටයින්.

අපි අවකාශ කාලය තලයක් සේ සිතා සිටියෙමු. ආලොකය හා වෙනත් තරංග සරල රේකීයව ගමන් කරන බව සිතා සිටියෙමු. ඒ අප අපගේ සීමාවේ ගුලිව සිටින තෙක් පමණි. අපි අතර සිටි ගවේශණාත්මක මිනිසුන් හා රටවල් අප සීමා ඔබ්බවමින් ඉදිරියට යන්නට විය. ඔවුන්ට සිපිරි තාරකා හා කලු කුහර හමුවිය. මගේ උදාහරණයේ නැමුණු මෙට්ට තලය ලග කූඹින් අසරණ වූවා මෙන් අප ද මේ සොයා ගැනීම් ඉදිරියේ අසරණ විය. මේ අවස්ථාවේ 1905 දී හරි හමන් රැකියාවකද නොවුන , විශ්ව විද්‍යාලයක පදවියකදු නොවුන අයින්ටයින් සිතිවිලි ඔස්සේ සොයාගත් සාමාන්‍ය සාපේක්ශතා වාදය පිහිටට ආවේය. බොහෝ අමුතු සොයාගැනිම් එතුමාගේ පැහැදිලි කිරීම් ඔස්සේ අවබෝධ කරගත හැකිවිනි. අති දැවැන්ත ස්කන්ධයන් හමුවේ අවකාශය හා කාලය විකෘති වෙන බව අපහට වටහා ගත හැකිවිය.

 
අති දැවැන්ත ස්කන්ධයන් හමුවේ අවකාශය හා කාලය විකෘති වෙන බව

දැන් අපට අති දැවැන්ත ස්කන්ධ නිසා ඇතිවන අවකාශ කාලයේ වක්‍ර තාවය හොදින් පැහැදිලිය. එසේ නම් ගුරුත්ව තරංග යනු කුමද? අපි සිතමු අර පෙර කියූ කුහුඹුවන් ජල තටාකයක පාවෙමින් ඉන්නවා කියා. ඔවුන්ට ඉතා ඇතින් තිබෙන විශාල වස්තුවක් ජල තලය මත කැලබෙන අවස්තවකදි එයින් හට ගන්නා කැලඹීම ටික වෙලාවකට පසු කූබියන් අසලට පැමිනේ. ගුරුත්ව තරංග යනු එවැන්නකි. අති දැවැන්ත ස්කන්ධ වල සිදුවන ගැටීමක් පිපුරුම්ක් එකතු වීමක් වැනි භෞතික් වෙනසක් නිසා අවකාශ කාලයේ සිදුවන විරුපිය විශ්වය දිගේ ගලා යයි.

 
අවකාශ කාලයේ සිදුවන විරුපිය විශ්වය දිගේ ගලා යයි

පෙබරවාරි 11 වන දින ඔවුන් තහවුරු කලේ මීට මාස ගනනකට පෙර එනම් 2015 සැප්තැම්බර් 11 වන දින පලමුවරට මානවයෙකු විසින් මෙසේ විශ්වය තුල සැරිසරන තරංගයක ග්‍රහණය කර ගැනීමයි. ඒ ග්‍රහණය කරගත් උපකරණයේ යාන්ත්‍රණය මම ඊලග ලිපියෙන් ඔබට පහදන්නම්.


ගුරුත්ව තරංග මුලින්ම දුටු මාර්කො ඩ්‍රැගේ