Friday, September 14, 2012

විද්‍යාව බොරුවක් කියා කියන්නට පුලුවන්ද?



විද්‍යාව සර්ව් සම්පූර්ණ නැතැයි යමෙක් කියයිද, ඔහු අත්පොලසන් දී පිලිගැනීමට පෙල ගැසී සිටින්නෙකි මා. එය පරිපූර්ණත්වය කරා යන ගමනකි. විශ්වය අවබෝධ කරගනිමින් ඉදිරියට යන ගමනකි. පුද්ගල මතවාද නොව බහුතරයකගේ අධීක්ෂණයකින් යුතුව ඉදිරියට යන ගමනකි. (මෙහි පැහැදිලිවම බලවත් රාජ්‍යයන්ගේ හා ජාතීන්ගේ ආධිපත්‍යයන් ඇත. නමුත් එය විද්‍යාවේ සත්‍ය අසත්‍ය පිලිබිබු කරන සාධකයක් නොවන්නේය. )

නිවුටන්ගේ නියම තුන ඉතා සරලය. එය සුදුසුකම් නැති සමහර විද්‍යා ගුරුවරුන් ගෙන් උගත් අසරණ සිසුන් හා ඉගනීමට කිසිදු උනන්දුවක් නොදැක්වූවන් හැරුනු කොට කාටත් තේරුම් ගත හැකි සරල නියම තුනකි. නමුත් මෙම සරල නියම තුන ලෝකය බොහෝ සංසිද්ධි මනාවට පැහැදිලි කලේය. පාලම් ගොඩනැගිලි වාහන රොකට් ගුවන් යානා ආදි බොහෝ දේ සදහා නිව්ටන් හා ඔහුගේ සමකාලීනයන් හදුනාගෙන මතුකරගත් නියමයන් මනාව තාක්ශණික අඩිතාලම සපයා දුනි. අප මේවා සත්‍යයද අසත්‍යයද කීමට මේවා සොයාගත් අයගේ ජාතිය කුලය හා ආගම පදනම් කර ගත යුතු නොවේ. සුද්දාට මමත් එතරම් කැමති නැත. ඒ මම ඔවුන්ට අකැමැති නිසාම නොව ඔවුන් මා ගනන් නොගන්නා නිසාය. තනිපුද්ගලවාදීන් (individualistic) වන සුද්දන්ට අපිවත් අපිට සුද්දන්වත් පෑහෙනේ නැත. නමුත් එය ඔවුන් සොයාගත් නියමයන් පිලිනොගැනීමට හේතුවක් නොවිය යුතුය.   

නිවුටන්ගේ නියම වල පරාසය ඉක්මවමින් අයින්ස්ටයින්ගේ යුගය පැමිණියේය. නමුත් නිවුටන්ගේ නියම බොරුවූවා නොවේ. එය සරලව කිව හොත් සිල්ලර කඩයක් අසලට සුපර් මාර්කට් එකක් ආවා වාගේය. සුපිරි වෙලද සැල වඩා වැඩි පරාසයක් ආවරණය කරන අතර සිල්ලට කඩය එයට වඩා අඩු පරාසයක් ආවරණය කරයි. අයින්ස්ටයින් හා සමකාලීන බොහෝ විද්‍යාඥයන් නිව්ටන්ලා අපිට පෙන්වූ ලොව තවතවත් පැහැදිලි කර අපට පෙන්වූයේය.   

ආදි කාලයේ සැත්කම් කාමරයෙන් ඇසුන මර ලතෝනි නිර්වින්දන ඖෂධ වලින් තුරන් කර දැමුවේය. නියත මරණය හිමිව තිබූ බරපතල රෝග ගනණාවක් ලොවින් තුරන් වී හමාරය. පැය ගනණකි ලොව ඇවැසි තැනකට යා හැකිය. මුලු ලොවම අතේ ගෙනයා හැකි දුරකතනයක් මගින් ඇමතිය හැක. මෙකී නොකී ඉමහත් කරුණු කාරනා ලොවට දායද කල විද්‍යාව බොරුයි කියා සිතීමට මටනම් කරුණු නැත්තේය.

විද්‍යාව බොරු කියාගෙන කෑගසන පිරිසක් සිටින බව දන්නා නමුත් ඔවුනට පිලිතුරු දීමට ක්‍රමයක් නැත්තේ විද්‍යාව, බොරු, පච, පඪියෝ, මෝඩයෝ වැනි සටන් පාඪ කිහිපයක් විනා ඔවුන් පැහැදිලිව යමක් නොකියන බැවිනි.  එමෙන්ම විද්‍යාව විසින් විසදන ප්‍රශ්න විසදීමට ඔවුන් ලග විකල්පයක්ද නැති බැවිනි.


10 comments:

  1. Science is a tool.Its not the truth because there is no absolute truth

    ReplyDelete
    Replies
    1. Yes, if you can see science as a tool it is a good perspective.

      Delete
  2. ඉතා වැදගත් පරිකල්පනාවකි. විද්‍යාව යනු හුදෙක් බටහිර පහල වූ නවීන විද්‍යාව යැයි ගැනෙන්නම නොව බුදු දහම අතුලු සියලු ඉන්දියානු ග්‍රීක මායා අරාබි ශිෂ්ටාචාරයන් හි පහල වූ දැණුමයි. නමුත් බටහිරයන් ඒ ඉතා ක්‍රමාණුකූලව හැඩ ගස්වනු ලැබීය. ලොව හොදම සංවිධායකයන් ඔවුන් බව මගේ හැගීමයි. විද්‍යාව යනු අනෙකාට උපකාර කිරීමට ඇත්තක් මිස මිනිසුන් නැසීමට ඇත්තක් නොව. මම හුදෙක් විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිමි. ආයුර්වේදය මගේ විද්‍යාවයි. සියලු විද්‍යාවන් මිනිසාගේ යහපත පිණිසම වේවා!!!

    ඔබට ජය!!! මෙවැනි ලිපියක් ලියුවාට මගේ හදපිරි ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ බ්ලොග් ටික බැලුවා. ඉතාම හොදයි. බොහොම ස්තූතියි කමෙන්ටුවට

      Delete
  3. කාලේකින් මේ සිංහල බ්ලොග් අතරේ දැක්ක වැදගත් ලිපියක්... ඔය අදහස් ටික මගේ හිතෙත් හැමදාම තිබුණට මම කවදාවත් ලිව්වේ නෑ.. ලියල වැඩක් නෑ කියල හිතුණා..

    මට හිතෙන විදියට ඔය විදියේ විවෘත මනසකින් ලෝකය දිහා බලන්න අපේ රටේ මිනිස්සුන්ට ඉස්සර ඉඳන් ම පුරුදු පුහුණු කරල නෑ...

    විවෘතව බැලීම කියන සංකල්පයට වන්දනා මාන කරගෙන ඉන්න විතරයි දන්නේ.. කවදාවත් මොකක් ද මේ කියන්නේ කියල සිහියෙන් බලන්න පුරුදු කරන්නෙ නෑ..

    අපේ සංස්කෘතියේ තියෙන හොඳ දේවල් අවතක්සේරු කරන්න හොඳ නෑ නමුත් ඒ හොඳ දේවල් නිසා අපිව හිර වෙන්න ඉඩ දිය යුතු නෑ කියලයි මට හිතෙන්නේ...

    දිගටම ලියන්න.. ජය..

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි

      Delete
  4. අනිවා බටහිර විද්‍යාව සර්ව සම්පුර්ණ නෑ. කාලයත් සමග තවත් නිරීක්ෂණ මත පදනම්ව තවත් නිගමන වලට ඒවී.
    රටක් වශයෙන් අපට වෙච්ච වැරැද්ද තමා අපි විද්‍යාව දියුණු කරන්නට ගන්නා උත්සාහය අල්ප වීම සහ තමන්ගේ මිනිහව කකුලෙන් අල්ලල ගමන නවත්තන එක. බටහිර රටවල් එහි හිනිපෙත්තට ආවේ අලුත්දේ සොයන්නට ගත් උත්සාහය නිසා. කොටින්ම ඉන්දියාවත් අපිට වඩා ගොඩක් ඉදිරියෙන්.
    ඉස්සර න්‍යෂ්ඨික විද්‍යාව ගැන පර්යේෂණ වලට ඉන්දියාවට ලංකාවෙන් කට්ටිය එක්කගෙන ගියා. එහේ ලොක්කො මෙහෙ ඇවිත් ඉගෙන ගත්ත. ඔන්න අද වෙනකොට එහේ nuclear reactors දානව, අපි ජර්මනියෙන් කස්ටිය ගෙන්නල අනතුරු පද්ධති හයි කොරනව.

    ReplyDelete
    Replies
    1. අපි දුක්වෙන්න ඕන මේ තත්වයටයි. අපි උඩ ඉදලා පහල වැටුන පිරිසක්. අපි දකුනු කොරියාව හා සිංගප්පූරුවට වඩා උඩින් සිටි රටක්

      Delete
  5. "බටහිර විද්‍යාව තියෙන්නෙ පට්ටපල් බොරු" කියන එකෙන් එක එක්කෙනා එක එක දේවල් අදහස් කරනවා. නලින් ද සිල්වා ගෙ මතය වෙන්නෙ නිරපෙක්ශ සත්‍යක් නැති නිසා, අනිත් සියළුම විද්‍යාවන් වගේ ම වගේම බටහිර විද්‍යාවත් තවත් එක් "කතන්දර ගොන්නක්" මිසක් නිරපේක්ශව සත්‍ය දෙයෙක් නෙවෙයි කියන එක. නලින් ද සිල්වා ඔය කතාව කියන්නෙ, බටහිර විද්‍යාව තමයි එකම සත්‍ය, අනිත් දැනුම් පද්දති "මිත්‍යා" කියන අයට දෙන පිළිතුරක් විදියට.

    නිවටන් ගෙ ගුරුත්වාකර්ශණ නියමය අසත්‍ය වන නිරීක්ෂණ මිනිස්සු දැනන් හිටියා. නිව්ටන් ගෙ නියම වැඩි දියුණු කිරීමක් නෙවෙයි අයින්ස්ටයින් කරේ. අයින්ස්ටයින් මුල ඉඳලම අලුතෙන්ම කතාවක් (තියරියක්) නිර්මාණය කරා. නිව්ටන්, අයින්ස්ටයින් අතුළු සියලුම බටහිර භෞතික විද්‍යාඥයො කරන්නෙ නිරීක්ෂණ පහදන්න කතන්දර හදන එක. ඒවා පරම සත්‍ය විදියට සමහරු හිතන්නෙ, ඒවායෙ තියන සංගත බවත්, නිරීක්ශණ ප්‍රතිනිර්මාණය (repeatable) කිරීමේ හැකියාවත් නිසා. නමුත් එම ලක්ෂණ තිබීමෙන් පමණක් නිරපේක්ෂ සත්‍යක් වෙන්නෙ නැහැ.

    උදාහරණයක් විදියට, ආයුර්වේද විද්‍යාව අනුව, සෙම් ශරීර ඇති පුද්ගලයින්, ආයුර්වේද නිර්ණායකය අනුව සීතල ලෙස වර්ග කරන ලද කෑම කෑමෙන් සෙම් රෝග උත්සන්න වෙනවා. මේක ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් නිරීක්ෂණයක් වුනත් මේකෙන් කියවෙන්නෙ නැහැ, නිරපේක්ශ සත්‍යක් විදියට සෙම් ශරීර වත් සිසිල් කෑම වත් තියනවා කියන එක. වා, පිත්, සෙම්, ඌෂ්ණාදික, සිසිල් කාරක, ආදී මේ කතන්දර හෙවත් තියරි වලින් කරන්නෙ නිරීක්ෂණ පදන්න පුළුවන් ආකෘතියක් හදන එක. නිවට්න් ලා, අයින්ස්ටයින් ලා කරෙත් ඕක. අනිත් විද්‍යාවන් වල තියන අඩුපාඩුව, පැහැදිලි කරන්න බැරි නිරීක්ෂණ ගැන දැන ගත්තම, ආකෘති දියුණු කිරීම හෝ අලුතෙන් ආකෘති හදන්නෙ නැති කම. නලින් ද සිල්වා කියන්නෙ, එහෙම පරන ආකෘති වල එල්ලිලා ඉන්නෙ නැතුව, ඒවා දියුණු කිරීමත් අලුතින් ආකෘති (තියරි, කතන්දර) හැදීමත් කළ යුතුයි කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කමෙන්ට් එකට

      Delete