Saturday, August 25, 2012

ජ්‍යෝතිශ්‍යය සැබෑවක්ද?

වසර දසහස් ගණක් පුරාවට අප අතර පැවෙතෙන මේ ජ්‍යෝතිශ්‍යය අපට පමණක් ආවේණිකයි සිතුවහොත් වැරදිය. මෙය අපේ රටේ මෙන්ම වෙනත් රටවලද සුලු සුලු වෙනස්කම් ඇතිව, වෙනත් රාමුතුල , වෙනත් නාමකරණයන් සහිතව භාවිතයේ පවතී. උපන් දිනය, වේලාව හා උපත සිදුවූ ස්ථානය මූලික කරගෙන දිවියේ පෙල ගැස්ම විස්තර කරන මෙම කලාව කවරදාටත් වඩා ලාංකිකයා ආකර්ශණය වී ඇත්තේ වත්මන් රාජ්‍ය පාලකයා එය තම කටයුතු වලදී ඉමහත් භක්තියෙන් අනුගමනය කිරීමත්,  චතුර ජ්‍යෝතිශ්‍යඥයන් කිහිපදෙනෙකු සජීවි රූප මාධ්‍යයන්  රේඩියෝ හා පුවත් පත් ඔස්සේ කරගෙනයන වැඩසටහන් කිහිපයකුත් නිසා වන්නට පුලුවන.

සමහර විද්‍යාව යන්තමින් තොලගාගත් පුහු මිනිසුන් මෙයට තදින් ගරහනු මා දැක ඇත. තවත් ගැඹුරින් විද්‍යාව උගතුන්ද මෙම කලාව හෙලා දකිනු දැක ඇත්තෙමි. නමුත් මා විශ්වාස කරන්නේ නිසි පර්යේශනයකට බාජනය කිරීමෙන් පසුව පමණක් ජ්‍යෝතිශ්‍ය පිලිබදව අප මත පල කලයුතුව ඇති බවය. මා එසේ කියන්නේ ජ්‍යෝතිශ්‍යවේදීන් මෙම කටයුත්ත මනාරාමුවක (ගණිතමය හා තාරකාවිද්‍යාත්මක ) සිට කරගෙන යන හෙයින් හා එසේම බොහෝ ප්‍රසිද්ධ ජනප්‍රිය චරිතවල කෙන්දරවල සුවිශේෂීතා තිබේම, ඇතැම් ප්‍රසිද්ධ අනාවැකි හරිගෙස් තිබීම, බොහෝ පුද්ගලයන් තම ජීව්තය අරඹයා එහි සත්‍යතා තිබුන බව පැවසීම යනාදී කරුණුත් ජ්‍යෝතිශ්‍යය පිලිබද හැදැරීමක අගය අපහට කියාදෙන බැවිනි.

ඉහත ප්‍රබලතා ජ්‍යෝතිශ්‍යය සතුවුවද පහත දුබලතාද ජ්‍යෝතිශ්‍යයේ ඇත. එය වර්ග දෙකට බෙදිය හැක. එනම් වෘතීය හා තාක්ෂණික ලෙසය. වෘත්තීය දුබලතානම් නිසි පාලනයක් නොමැතිකමින් එතරම් හැදැරීමකින් තොරව ඕනෑම පුද්ගලයකුට ක්ෂෙත්‍රයට පිවිසීමට ඇති හැකියාවයි. තවත් කරුණක් නම් දක්ශ අයෙකු වුවද නිසි වෘත්තීයවෙදයක් නොමැතිකමින් අකටයුතුකම් වලට පිවිසීමට ඇති හැකියාවයි. කුමණ ක්ෂේත්‍රයකත් දැකිය හැකිමෙම දුබලතා මෙම කලාවේදී මහත් භයානක වන්නේ එය මිනිසුන්ගේ ජීවිත ගමන තීර්ණය කරන කලාවක් වනහෙයිනි. තාක්ෂනික දුබලතාවය නම් එක් රොහකලදී හෝ එක ගමකදී එකම වේලාවට දෙදෙනෙකු උපත ලද හොත් එකම කේන්දරයක් ලැබීමයි. නමුන් ඇත්තවශයෙන්ම මේ දෙදෙනා උපදින්නේ එකම තැනක නොව අවම වශයෙන් මීටර කිහිපයන් වත් ඈත ස්ථාන දෙකක දීය. හරි නම් මෙය වෙන් කරගතහැකි ගණිත ක්‍රමයක් ජ්‍යෝතිශ්‍යයේ තිබිය යුතුය.  සෙන්ටිමීටර ගනනක පෘතුවි බිම කොටසක් වෙන්කර දැකිය හැකි චන්ද්‍රිකා බිහිවෙන යුගයක මෙහි ඇති දුබලතාවය සැලකියියුතු මට්ටමකට පැමිණ පවතී. නිවුන්නු දෙදෙනෙකු පවා වෙන් කරගන්නා විද්‍යාත්මක ලොවක මේ අඩුව පුරවා ගැනීමට ජ්‍යේතීර්වේදීන් උත්සුක වියයුට්තුය. ඇත්තටම අපට එය එසේ තීව්‍ර කල හැකිනම් ජ්‍යෝතිශ්‍යය තවත් අඩියක් ඉදිරියට යනු ඇත.  

සාරංශ ලෙස කිවහොත් ජ්‍යේතිශ්‍යය යනු පුරාණයේ සිට අප අතර පවතින ජීවිතය පිලිබද කියාදෙන කලාවකි. නිසි හැදෑරීමකින් තොරව එය පිලිබද මත කිරිම කල නොහැක්කේ එහි යම් යම් සත්‍යතා ඔවුන් මනාව ඔප්පු කල ඇති හෙයිනි.

Friday, August 24, 2012

විද්‍යාවේ ආදිපත්‍යය

විද්‍යාවේ ආදිපත්‍යයක් ඇතිද? ඔවු. පසුගිය සියවස් වල යුරෝපය බලවත්ව සිටි අතර දැන් ඇමරිකානුවන්ද එහි ආදිපත්‍යයට උරුම කම් කියන්නේය. නොබෙල් තෑගි පසුගිය වසරේ ජර්මනියට මේවසරේ ඇමරිකාවට ඊලග වසරේ එන්ගලන්තයට යනාදී ලෙස තට්ටුමාරු ක්‍රමයකට චලනය වන්නේය. උන් උන්ටම තෑගී දීගන්නාක් මෙන් පෙනේ. සමකාලීනයන් විමර්ශනය කරන සගරා (peer reviewed journals) බොහොමයක් බලවත් රටවල ආදිපත්‍යයේ පසුවේ. විශේෂයෙන් ඉංග්‍රීසි නොදත්තේනම් හෝ ඉංග්‍රීසිය වරද්දාගත්තේනම් මේවායේ ලිපියක් පල කරවාගැන්ම උගහටය.

නමුත් සැමදාමෙය මෙසේ වේදැයි සිතිය නොහැක. දැනටත් ජපානය, චීනය, ඉන්දියාව, තායිවානය, සිංගප්පූරුව යනාදී රටවල් ඔවුන්ගේ කරට කර සිටී. වඩත්ම ආශ්චර්ය ජනක සිද්දිය නම්, බොහෝ බටහිර හා ඇමරිකානු පර්යේශන කංඩායම් වල කනිශ්ඨ සාමාජිකයන් චීනුන් හෝ ඉන්දියානුවන් වීමය. (නොමැතිනම් යම් දියුනුවෙමින් පවතින රටක සිසුන් වීමය. ) එපමනකින් නොනැවතී මෙම කනිශ්ඨ සාමාජිකයන් තරමක් ප්‍රවීණයන් වු පසු නැවත මවුරටවල් වලට කැදවා ගැනීමට ක්‍රමවේද සකස් වන්නේය. ඔවුන් මවු රටින් ගොස් සිටියද නිතරම මවුරටේ පිහිටි ඔවුන්ගේ ප්‍රථම උපාදිය ගත් ආයතන සමග සම්බන්ද වන්නේය.

 සාරංශයනම්, විද්‍යාවේ ආදිපත්‍ය යනු මාරුවිය හැකිදෙයක් වෙනත් අයෙකුට ග්‍රහණය කල හැකිදෙයක් විනා ස්තීර දෙයක් නොවන බවයි. ගලායන ගංගාවන් මෙන් ලොකු පොඩි බේද නැතිව විද්‍යාවේ ප්‍රගමනය සිදුවේ.වත්මනදී එය බටහිරයන් සතුවුවද, තව කලකින් එය පැහැදිලි අභියෝගයකට නතුවනු ඇත.