Friday, August 9, 2013

මොකක්ද මේ ඩයිසයන්ඩයියමයිඩ් dicyandiamide (DCD) කේස් එක?



දිවත් පැටලෙනවා නේ කියවනකොට, අපි කෙටියෙන් ඩීසීඩී (DCD) කියමුකෝ. ඩීසීඩී ගැන කෙටියෙන් කියනවානම් ඒක සයන්ඩයියමයිඩ් දෙකක එකතුවක්! එතකොට සයන්ඩයියමයිඩ් කියන්නේ? මේක කෙලවරක් නැති පැහැදිලි කිරීමක් නේ. ඇත්තටම මේ ලිපියේ අරමුණ ඩීසීඩී ගැන ඔයාලට උගන්වන්න නොවේ මේ කේස් එක ගැන මට තේරෙන සත්‍යය ඔයාලාට කියාදෙන්නයි.

ඩයිසයන්ඩයියමයිඩ් (dicyandiamide) ෆොන්ටෙරා කිරිවලට ආවේ හරිතාගාර වායු නිකුත්වීම අඩුකරන්න සෙමෙන් ක්‍රියාකරන පොහොරක් ලෙස මේවා ඔවුන්ගේ තණ බිම්වලට යෙදීමෙන් පසුවයි. තව වසරගනනාවකින් වෙනවායි කියන පරිසර අර්බුදයකට විසදුම් හොයන්න ගිහින් ෆොන්ටෙරාට උනේ ඇදගෙන නාන්න. දෙනුන් මේ තණ කෑ පසු මෙම කෙමිකල් එක ඔවුන්ගේ කිරිවලට අල්ප මාත්‍රව එකතු වෙලා තියනවා. තරගකාරී වෙලද ලෝකයේ එකිනෙකා පරයා යන්න දගලන සමාගම් වලට මේවගේ ප්‍රශ්ණවලදී හොයන්න වෙන්නේ පැලැස්තර විසදුම්.

මොකෝ ඉතින් ටොන්ගනන් කිරි විසිකරන්න ද? වහාම ක්‍රියාත්මක උන කොම්පැණිය මොකද කලේ කඩි මුඩියේ මේක මිනිසුන්ට විස නෑ කියලා ඔප්පු කරන්න විවිද පර්යේශන කරලා වාර්තා ඉදිරිපත් කලා. ෆොන්ටෙරා කියන්නේ හොද ඉතිහාසයක් තියන සමාගමක් නොවන නිසා (මෙලමයින් කේස් එක ) මේ වාර්තා කොතරම් සාධාරණද කියලා ඔයාලාම හිතාගන්න ඕන. අපේ රටේ බලදරයෝ කියන සෙට් එක දැන්මේ ගිනි අරන් දැගලුවාට ඩීසීඩී ප්‍රශ්ණය ආවේ 2012 දී. අවුරුද්දක් පරක්කු වෙලා හරි ඇස් පෑදුන එකට නම් ස්තූති කරන්න ඕන.

කොහොමත්  කිරි හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වලදී විදේශ සමාගම් මත රැදෙන එක ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්. හදිසි යුධ හෝ සම්බාධක තත්ව වලදී අපට බඩගින්නේ මැරෙන්න වෙන නිසා. ඒවගේම මේවගේ අපද්‍රව්‍ය මුසුවීම වගේ සිදුවීම් වලදී ඔවුන්ගේ දියුනු රටවල වෙලද පලින් ඉවත් කරගන්නා නිශ්පාදන අපේ වගේ අඩු තාක්ෂණ හැකියාවක් හා දුෂිත නිලධාරීන් ඉන්නා රටවලට එවීමට තිබෙන නැබුරුතාවයත් නිසා.


හැබැයි තව පොඩි ඇත්තක් කියන්න ඕන, මේ කේස් එකේදී අපේ රටේ කිරි නිශ්පාදකයෝ පොඩි අයුතු ප්‍රචාරනයක් ගෙනයනවා ඔවුන්ගේ කිරි වල ඩීසීඩී නෑ කියලා. ඒක විහිලු කතාවක්, අපේ රටේ තණ බිම් වලට ඩීසීඩී ගහන්නේ නැති නිසා  ඩීසීඩී අපේ කිරි වලට එන්න කොහෙත්ම බෑ. අපේ කිරි පිරිසුදුයි කියන්න නම්, අපේ රටේ කිරි නිශ්පාදනයේ ජීව චක්‍රය  Life Cycle අධ්‍යයනය කරලා අපේ රටේ කිරිවල තිබිය හැකි විස ද්‍රව්‍ය වලට අධ්‍යයනයක් කලයුතුයි.

මම හිතනවා පොඩිහරි පැහැදිලි කිරීමක් ඔබලාට ලැබෙන්න ඇති කියලා. දැනටනම් මගේ ලිපි කියවන්නේ සිංහල බ්ලොගර් එකෙ කට්ටියයි, කොත්තු එකේ කට්ටියයි විතරයි. හිතනවා නම් ඔයාලා අනිත් යාලුවන්ට නෑදෑයන්ට ගුරුවරුන්ට බොස්ලාට් මේක දැනගන්න එක හොදයි කියලා මූණුපොතේ හෝ ලින්ක් ඉන් එකේ මේක බෙදා හදාගන්න.

6 comments:

  1. වටිනා ලිපියක්. ඔන්න මගේ මූණු පොතෙත් බෙදා හැරියා.

    ReplyDelete
  2. මේ ප්‍රවෘත්තියත් කියවන්න. ඇද උදැසන නවසීලන්ත ජාතික රූප වාහිනිය ෆොන්ටෙර්‍රා ප්‍රධාන අධ්යක්ශක තුමා සමග කල සාකච්චාවක් විකාශනය කලා. ෆොන්ටෙරා සමාගම් සිය සමාගම රැක ගැනීමට යත්න දරන බවක් පෙනුනා. රූප වාහිනී ප්‍රකාශිකාව නම් ඉතාම අපාක්ශකව කතා කලා.

    http://nz.news.yahoo.com/a/-/mp/18448940/sri-lanka-using-wrong-dcd-test-fonterra/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි, මේ ගැන පාටලී ඇමතිතුමත් තදබල විරෝධය දකවලා තිබුනා. මේ වා නම් ඉතාම පහත් ගනයේ ක්‍රියා. තියන බව දැන දැනත් අපේ රටේ නෑ කියන්න කටයුතු කරන එක

      Delete