විද්‍යාවේ ආදිපත්‍යයක් ඇතිද? ඔවු. පසුගිය සියවස් වල යුරෝපය බලවත්ව සිටි අතර දැන් ඇමරිකානුවන්ද එහි ආදිපත්‍යයට උරුම කම් කියන්නේය. නොබෙල් තෑගි පසුගිය වසරේ ජර්මනියට මේවසරේ ඇමරිකාවට ඊලග වසරේ එන්ගලන්තයට යනාදී ලෙස තට්ටුමාරු ක්‍රමයකට චලනය වන්නේය. උන් උන්ටම තෑගී දීගන්නාක් මෙන් පෙනේ. සමකාලීනයන් විමර්ශනය කරන සගරා (peer reviewed journals) බොහොමයක් බලවත් රටවල ආදිපත්‍යයේ පසුවේ. විශේෂයෙන් ඉංග්‍රීසි නොදත්තේනම් හෝ ඉංග්‍රීසිය වරද්දාගත්තේනම් මේවායේ ලිපියක් පල කරවාගැන්ම උගහටය.
නමුත් සැමදාමෙය මෙසේ වේදැයි සිතිය නොහැක. දැනටත් ජපානය, චීනය, ඉන්දියාව, තායිවානය, සිංගප්පූරුව යනාදී රටවල් ඔවුන්ගේ කරට කර සිටී. වඩත්ම ආශ්චර්ය ජනක සිද්දිය නම්, බොහෝ බටහිර හා ඇමරිකානු පර්යේශන කංඩායම් වල කනිශ්ඨ සාමාජිකයන් චීනුන් හෝ ඉන්දියානුවන් වීමය. (නොමැතිනම් යම් දියුනුවෙමින් පවතින රටක සිසුන් වීමය. ) එපමනකින් නොනැවතී මෙම කනිශ්ඨ සාමාජිකයන් තරමක් ප්‍රවීණයන් වු පසු නැවත මවුරටවල් වලට කැදවා ගැනීමට ක්‍රමවේද සකස් වන්නේය. ඔවුන් මවු රටින් ගොස් සිටියද නිතරම මවුරටේ පිහිටි ඔවුන්ගේ ප්‍රථම උපාදිය ගත් ආයතන සමග සම්බන්ද වන්නේය.
සාරංශයනම්, විද්‍යාවේ ආදිපත්‍ය යනු මාරුවිය හැකිදෙයක් වෙනත් අයෙකුට ග්‍රහණය කල හැකිදෙයක් විනා ස්තීර දෙයක් නොවන බවයි. ගලායන ගංගාවන් මෙන් ලොකු පොඩි බේද නැතිව විද්‍යාවේ ප්‍රගමනය සිදුවේ.වත්මනදී එය බටහිරයන් සතුවුවද, තව කලකින් එය පැහැදිලි අභියෝගයකට නතුවනු ඇත.
හැබැයි ලංකාවේ ඉන්න ටිකත් පන්නනව නෙව.
ReplyDeleteඒක ඇත්ත.
Deleteබටහිර විද්‍යාවේ ආධිපත්‍ය යන්නෙන් එක එක්කෙනා එක එක දේවල් අදහස් කරනවා. සිල්වා මහත්තය අදහස් කරන්නෙ මීට වඩා තරමක් වෙනස් දෙයක්. බටහිර විද්‍යාවේ ආධිපත්‍ය නිසා තමයි අද අනිත් සියලුම විද්‍යා පද්දති වලට "මිත්‍යා මත" කියල ලේබල් ගහලා, බටහිර විද්‍යාව තමයි එකම, හරිම, විද්‍යාව කියල මිනිස්සුන්ට පිළිගැනෙන්න බල කිරීම. උදාහරණයක් විදියට, "පිත තියන අයට උෂ්ණාධික කෑම නුසුදුසුයි" කියන එකට "මිත්‍යා මත" කියල හිනා වෙලා, "අර ලෙඩ තියන අයට අර කෑම ඇල්ර්ජික්" කියන එක නිරපේක්ශව සත්‍ය විද්‍යා දැනුමක් විදියට පිළිගැනෙන්න බල කිරීම. "ඇලර්ජි" ආකෘතියෙන් පහදන්න පුළුවන් වගේම බැරි දේවලුත් ගොඩක් තියනවා. ඒ වුනාට ඒකට මිත්‍යාවක් කියන්නෙ නැති අය, පෙරදිග විද්‍යාවන් වල අඩුපාඩු පෙන්නෙලා කිසි කැතක් නැතුව "මිත්‍යා මත" කියල ලේබල් ගහනවා.
ReplyDelete