වැලිවේරිය පැත්තේ පානීය ජලය වෙනුවෙන් උද්ගෝෂණයක් කරලා දෙපැත්තම සීමාවන් ඉක්මවන්න ගිහින් කොහේවත් හිටපු අහිංසකයෝ කිහිපදෙනෙක් ඇතුලුව විරෝධතා කරුවන් පිරිසක් අද තුවාලවෙලා හෝ දිවියෙන් සමු අරන්. මේක එක තැනක මේ විදිහට අවාසනාවන්ත ලෙස මතු උනාට, ගොඩාක් තැන්වල අවාසනාවන්ත ලෙස යටපත්වෙලා ඔඩුදුවන ප්‍රශ්ණයක්.
අපේ රටේ පානීය ජලය ලැබෙන ආකාර ගත්තොත්; ලොකු ලොකු කම්පනි හා යහමින් අතමිට තියන අය බෝතල් කල වතුර බොනවා, ටැප් ලයින් හම්බ උන අය ඒවා උනුකර නිවලා බොනවා, භූගත ජලය නල ලිං / ලිං වලින් ගෙන බොනවා හෝ ස්බාවික ගලාගෙන යන ජලය/උල්පත් වතුර බොනවා. මේක තමයි අපේ රටේ පොදුවේ පානීය ජලය ලබාගන්න වැඩපිලිවෙල. නමුත් කාර්මීකරණයත් එක්ක , නව කෘෂි කර්මාන්තයත් (පලිබොධ නාශක හා වස )එක්ක නාගරික හා අර්ධ නාගරික ජනාවාස මූලික කරගත් ආර්ථිකයකට ගමන් කරන අපිට ඉහත වැඩපිලිවෙලේ එක ක්‍රමයක් ඇරුණාම අනිත් සියලුම අංග වලට ඉතා ඉක්මනින් සමුදෙන්න වෙනවා. අපට පානීය ජල විසදුමක් ලෙස ඉදිරියට පවත්වාගෙන යා හැක්කේ නියමිත ප්‍රමිතියකට තත්ව පාලනයක් සහිත බෝතල් කල ජලය පමනයි.
බොතල් කල ජලය කිවූ ගමන් බය වෙන්න එපා, මම මේ කතාකරන්නේ රුපියල් 40 ක් පමණවෙන මිලිලීටර 500 බෝතල් ගැන නොවේ. මම කියන්නේ ලීටර විස්සක් පමණ වන, නැවත පිරවිය හැකි ඩිස්පෙන්සර් මත තබන බෝතල් කල පිරිසිදු කරන ලද ජලය ගැනයි. නැවත පිරවීම හා ප්‍රවාහනය සේවාසපයන සමාගමක් විසින් කිරීම මේ ක්‍රමයේදී සිදු කෙරේ. රටක සීමිත පිරිසක් මේ සේවය බාවිතා කරනවිට මෙය ඉතා මිල අධික ක්‍රමයක් උවද, මහා පරිමාණයේ අධික පිරිසක් නිරන්තරයෙන් බාවිතා කරන කල්හී මෙය ඉතා ලාබදායී ක්‍රමයක් වෙනවා.
සංවර්ධනයට හෝ කාර්මීකරණයට විරුද්ධ වන්න අපට බෑ.අවශ්‍යයත් නෑ. අපි කලයුත්තේ සංවර්ධනය වූ රටවල් මෙවැනි ප්‍රශ්ණ වලදී ගත් ක්‍රියා මාර්ග අනුගමනය කිරීමයි. පිරිසුදු කල වාණජ්‍යමය ලෙස ඇසුරුම් කල පානීය ජලය බාවිතයට ජනතාව හැඩ ගැස්වීමයි අප කල යුත්තේ.
මිල ගැන ප්‍රශ්න කරන්න එපා, මම උදාහරණයක් කියන්නම්, අපේ රටේ ජංගම දුරකතන ආපු දවස් වල ඒවා ධනපතීන්ට පමණයි සීමා උනේ, නමුත් අද වෙනකොට ජංගම දුරකතන වැහිවැහැලා නේද? හැමෝටම එකක් තියනවා නේද? බිලත් සාදාරනයි නේද?
මේ ජාතික වැඩ පිලිවෙල කොතනින් හෝ ආරම්භ කලයුතු වෙනවා. සංවාදයට ඇරයුම්, කමෙන්ට් කරන්න, පුලුවන් විදිහට උත්තර දෙන්නම්.
මා සිතන්නේ මෙයට වඩා ෆිල්ටර් භාවිතයට හුරු වෙන එක හොඳයි.. දැන් අලුත්ම ෆිල්ටර්ස් තියෙනවා ලංකාවෙත් වැරදි අයන තියෙන ඒවා අයින් කරන ඒවා. ඉතිං ෆිල්ටර් වල මිලත් ටිකක් අඩුවෙයි අපි පාවිච්චියට ගන්න ගත්තහම.
ReplyDeleteහොද අදහසක්, අපේ රටේ ආර්ථික තත්වයත් එක්ක පුනරාවර්තන වැයක් (විදුලිබිල, ගෑස් වැනි වියදම්) එකතුවන විසදුමකට වඩා ඔයා කියපු විසදුම හොද වෙන්නත් පුලුවන්
Deleteගොඩක් කාලෙකින් නේද? පහුගිය ටිකේ මොකද පේනන හිටියේ නැත්තේ. මමත් කියන්නේ මේ වගේ හොඳ කල්පවත්නා විසඳුමක් මෙතනදි ලැබෙන්න ඕනෙ. ජාතික වැඩපිලිවෙලක් විදිහට ඉදිරියට එනව නම් අනිවා රජය මැදිහත් විමෙන් යම් තාක් දුරකට ගියාට පස්සේ විකල්ප මතු වෙයි..
ReplyDeleteaka aththa mokada sanvardanaya vana rataka mavaniy jala gatalu anagathya de athyi vanava ,,ama nisa bothal kala paniya jalaya pahasu milakata labadema saha viya parika prajavata ,mama bothal kala paniya jalaya gana danuma seah ,sulu veyaparika prajavada danuvath ,kirimai sukaya amathynsaya saha mdihavanavanm godak hoday kiya ma sethanava , thavada mama da maga adahasak thybanava paniya kala jala asurm viyaparaya patan ganimata ,ama nisa agana karunu karana dana ganiymata kamathiy , sulu viyaparayak vashayan karagana yamata pirisedu saukya arakshetha krama saha upadas laba ganimata thibana ayathana gana mava danuvath karanaman ella setenava , mama peliy thuru bala porothuvamai sthutiy
ReplyDelete